ජම්සිල් ස්ටේඩියම් එක බාස්කට් බෝල් ෆෑන්ස්ලාගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා.අත්පොලසන් නාදවලටම එකතු වුන විසිල් හඩ වගේම ඔල්වරසන් නාදයට මුලු පලාතම දෙදරුම් කෑව.ඒක තරුණ තරුණියන්ගෙ වචනයෙන් කිව්වොත් ‘ඇත්තටම පිස්සුවක්’...
සෝල් නැෂනල් යුනිවර්සිටි නියෝජනය කරමින් කිම් ටේහ්යුන්ග් ඇතුළු කණ්ඩායමත් සෝල් හන්යන්ග් යුනිවර්සිටි නියෝජනය කරමින් ජන්ග් හෝසොක් ඇතුළු කණ්ඩායමත් කරට කර තරඟයක් නියැලිලා හිටියා...පන්දුව එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් ඊයක වේගයෙන් එහා මෙහා යනවා විතරයි හැමෝටම දකින්න ලැබුණෙ...
බාස්කට් බෝල් වෙනුවෙන්ම කලල කාලෙ පටන් සැරසුනාක් මෙන් දක්ෂයෙක් වුන සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ කිම් ටේහ්යුන්ග් ඉතාමත් දක්ෂ විදියට තමන්ගෙ කණ්ඩායමේ ස්කෝර් එක වැඩි කරගන්න උනන්දු වුණා...ඒ අත් අතරෙ ග්රහනය වෙන බෝලයක් අනික් පිල වෙත හිමිවෙනවා කියන්නෙම ගේමක්...ඉතින් ‘ද ගෝඩ් ඔෆ් බාස්කට් බෝල්’ කිම් ටේහ්යුන්ග් ගැන ආයෙ අමුතුවෙන් කතා මොකටද?
ඊට නොදෙවෙනි දක්ෂයෙක් වුන අනිත් ටීම් එකේ කැප්ටන් හෝසොක් කියන්නෙ කොහොමත් එයාගෙ පෞද්ගලික තරහකාරයෙක්...අතීත ශේෂ කතා මේ වෙද්දි හෝසොක් වගේම ටේහ්යුන්ග් ජන්මාන්තර වෛරකරුවන් කරලා ඉවරයි මේ හැම දෙයක් අතරෙම...
ඒ ඇස් පවා රතු වෙලා එකිනෙකා වෙත යොමු වෙලා තිබුනෙ තරගයේ උද්වේගකර බව වගේම ඒ අවස්ථා එකක්වත් ප්රේක්ෂකයන් වෙතින් මග නොහැර හිත් පුරා විදගත්ත ආවේගයෙන්මයි...ඉතින් ටේහ්යුන්ග්ට ඕන වුණා,මහ ගොඩක් ඕන වුනා මේ මැච් එක කොහොමහරි දිනන්න...
ටීම් එකේ ශූටින්ග් ගාඩ් විදියට ටේහ්යුන්ග්ට තිබුණෙ කණ්ඩායම වෙනුවෙන් ලකුණු එක් රැස් කරන්න සහ පන්දුව ස්ටීල් කරන්න...කොහොමත් බාස්කට් බෝල් ඔස්තාර් කෙනෙක් වුන කිම් ටේහ්යුන්ග් මේ වෙනුවෙන් තමන්ගෙ උපරිමය කැප කරන්න දැනටමත් තමන්ටම තරවටු කරලත් ඉවරයි...
"කිම් ෆකින් ටේහ්යුන්ග් !!! යූ වන්න මේක් දිස්...යූ වෝන්ට් ටු මේක් ඉට්..."
දහඩියෙන් තෙත් වෙච්ච අත්වලින් මූණ පිහිදපු ටේහ්යුන්ග් ආවේගයෙන් තමන් එක්කම කෑගැහුවෙ තමන්ගෙ ගානට මේන්ටේන් කරපු කිරිපාට කලව මත තමන්ගෙම අත් සලකුනු රතුපාටින් හමට යටින් ලේ පුරවන් උඩ මතුවෙන්න හිටින තරම් වේගයෙන් පහර කීපයක් ගහ ගන්න ගමන්...
YOU ARE READING
DADDY'S LOVE || JIKOOK
Fanfictionමගේ ලෙයින් මං වදාපු දරුවා නොවුනට හදාවඩා ගත්තා කියන හේතුව නිසා හරි ටේහ්යුන්ග් කියන්නෙ මගේ දරුවා!කිසිම කෙනෙකුට ඇබ්බැහි කරගන්න බැරිවෙන්න තරම් සීතල ගති එක්ක මං දරුවා හදාගත්තා වුනත් ටේහ්යුන්ග් මෙච්චර කාලෙකට දෙයක් මගෙන් ඉල්ලනවා වෙනුවට බැගෑපත් වුනේ "මගේ"...