CHAPTER SIX

62 15 3
                                    

පුංචි කාලෙ ඉදන් ටේහියුංග් මොන දේ ඉල්ලුවත් කොටින්ම ඉර හද ඉල්ලුවත් ටේහියුංග්ගෙ දෙපා ළග ගෙනත් තියෙන්න තරම් ජියොන් මහ බොලද ඩැඩා කෙනෙක්.මොකද පාක් එයාව තනි කරලා දාලා ගියාම ජියොන්ට ජීවත් වෙන්න එකම හේතුව වුනේ ටේහියුංග්.කාගෙ දරුවෙක් වුනත් දැන් ඒ ඉන්නෙ එයාගෙත් පාක්ගෙත් දරුවා කියලා ජියොන් ටේහියුංග් දිහා බලලා පිච්චි පිච්චි දැවිලා යන හදවත ආයෙ ආයෙම හදාගත්ත අවස්ථා උපරිමයි.ඉතින් තමන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න හේතුව දීපු ටේහියුංග් තමා ජියොන්ගෙ හැමදේම වුනේ.හැබැයි ඒ අද ජිමින්ව දකින කල්...
විතරද...???

ඉස්සර ඉදන් ඩඩාගෙ දුර්වලකම විදියට එයාට මෙච්චර ආදරේ කරන එක දැනගෙන හිටපු ටේහියුංග් මේකෙන් අයුතු ප්‍රයෝජන නොගත්තාමත් නෙවෙයි.
ඩඩා හම්බ කරපු සල්ලි සීමාවක් නැතුව හතර අතේ කෙල්ලොන්ට කොල්ලොන්ට මත්පැන්වලට ක්ලබ්වලට රූම්ස්වලට ටේහියුංග් වියදම් කලා නෙවෙයි,ඒව සල්ලිවලින් නෑවෙව්වා.ජියොන් ඒව නොදන්නවා නෙවෙයි.හැබැයි එයා වුනත් ඒවට විරුද්ධ වෙන්න තරම් හිතට එකග මිනිහෙක් නෙවෙයි.ජියොන් හිතට එකග නැතුව හුස්ම ගන්න පටන් ගත්තෙ කොයි කාලෙද කියන එක එයාටත් මතක නෑ.ඉතින් ටේහියුංග් ඉස්සරහත් එයා වංකයි.

“මං ඉක්මනින් මිසිස් පාක් හම්බෙන්න යන්නම් ටේටේ...බට් ඔයා මේ කරන්නෙ හරි දෙයක්ද ආයෙ පාරක් හිතලා බලන්න බේබි...මේ ගේ ඇතුලෙ එකම දේ ආයෙ ආයෙ සිද්ධ වෙනවා බලන්න මං කැමති නෑ...”

“ඩඩා...අයි ප්‍රොමිස් යූ.අයි ලව් හිම්!මට උදව් කරන්න ප්ලීස්ස්...මම මගේ ඔම්මා ඔයා දාලා ගියා වගේ ජිමින්ට යන්න දෙන්නෙ නෑ...”

ටේහ්‍යුන්ග් දන්නවා කොහොමද තමන්ගෙ ඩඩාව අල්ලගන්නෙ කියන එක ගැන..

‘කොහොමත් එයාගෙන් ඕන දේ කරගත්තාම මමම එයාව යවනවා ඩෑඩ්...’

ටේහ්‍යුන්ග්ගෙ වචනත් එක්ක ජියොන් අතීතෙට ඇදිලා යද්දි ටේහ්‍යුන්ග්ගෙ කට කොනේ ඇඳුනු හිනාව නම් එයා නොදකින්න ඇති..

ජියොන් ටේහියුංග්ට කියලා තියෙන්නෙ ටේහියුංග් පොඩි කාලෙම එයාගෙ ඔම්මා එයාව ජියොන් එක්ක තනිකරලා වෙන කෙනෙක් එක්ක ගියා කියලා.ඒත් ටේහියුංග් දන්නෙ නෑ එයා ඇඩොප්ට් දරුවෙක් කියලවත් එයාට ලැබෙන්න හිටියෙ ඔම්ම කෙනෙක් නෙවෙයි පපා කෙනෙක් කියලවත්.ජියොන් හැමදාම ටේහියුංග් ඔය වගේ එයාගෙ ඔම්මා ගැන මතක් කරනකොට ජියොන් පිච්චිලා යනවා.

DADDY'S LOVE || JIKOOKDove le storie prendono vita. Scoprilo ora