CHAPTER FIVE

66 17 21
                                    

ජියොන්ගෙ ඒ පරිපුර්ණ පිරිමි කටහඩට ජිමින්ව වෙව්ලලා යද්දි එයා කලේ ඇදේ කෙලින් වෙලා ඉදගෙන තමන් ඉන්නෙ නිරුවතින් නිසා ඒ ඇගම ඩුවට් එකෙන් වහගෙන ජියොන් දිහා කදුලු පුරෝගෙන බලාගෙන ඉදපු එක.මේ වෙලාවෙ හැටියට තමන් කරපු වැඩේ නිසා තමන්ට ටේහියුංග්ගෙ ඩඩාගෙන් ටේටේ දුන්නට වඩා පනිශ්මන්ට් එකක් ස්ථිර බව කොහෙන්දෝ ආපු අදහසක් නිසා ජිමින් බයෙන් බයෙන් වචනයෙන් වචනය අමුනද්දි ජියොන්ට මතක් වුනේම ඒ වැලලිලා ගිය අතීතෙදි කිසිම වරදක් නොකර එයාටයි කියලා මේ ලෝකෙ එයාට ආදරේ කරපු එකම මනුස්සයව සැක කරලා පනිශ්මන්ට් දෙද්දි එපා කිය කිය බැගෑපත් වෙච්ච ඒ අසරණ පාක්ව විතරයි.

මොකද එදා පාක් වගේම අද ජිමින් පුංචි හා පැටියෙක් වගේ බයටම ගැහෙනවා.ඒ ඇස්වල පිරිලා උතුරන්න තරම් කදුලු.සාමාන්‍යයෙන් තමන්ගෙ අතකට එහෙම වඩා බැලු බැල්මට පේන චූටි අත් තදින්ම එකට බැදිලා.ඒ ප්ලම්ප් ලිප්ස් වේලිලා ගිහිං මදිවට ඒව හොදටම වෙව්ලනවා.

ජියොන් ඉක්මනින් ජිමින්ගෙ එකට ගුලිවෙලා තිබ්බ අත් දෙකම තමන්ගෙ විශාල අතක් අතරට ගත්තා.

“බබා...ඔයාට  බය වෙන්න දෙයක් නෑහ්.මං හැමදේම දන්නවා.ටේහියුංග් ඔයාට කරපු දේවල් මං අනුමත කරන්නෑ.ඒත් එයාට සමාව දෙන්න බලන්න කියලා විතරයි මට ඉල්ලන්න පුලුවන්.මොකද සමහර විට මේ කරපු දේ නිසා ටේහියුංග් විතරක් නෙවෙයි මමත් දුක් වෙයි..”

“ස..ස සර්...සොරි සර්...ම මම ටේහියුංග් එක්ක ආවෙ නෑ...මං මොනවත් දන්නෑ සර්...ප්ලීස් සර්”

“හෝව් හෝව් දරුවෝ.ඔයා කලබල වෙලා ගොඩක්.දැන් සංසුන් වෙන්න.බලන්න...මාව දන්නවද ඔයා?”

ජියොන් ජිමින්ගෙ මෝචියක් වගේ චූටි මූණ පරිස්සමෙන් වගේම කාලෙකින් හිතට ආව තමන්ගෙම දරුවෙක් කියන ලෝභකමින් එයාගෙ අත් අතරට ගන්න ගමන් ඒ ඇස් දිහා බලාගෙන හරිම කරුණාවෙන් අහලා බැලුවා.

“සර් මි...මි ..ම් මිස්ටර් ජි..ජියො..ජියොන්...?”

“හ්ම්ම්...ඒ මම තමයි..”

ජියොන් ඊට වඩා තෘප්තිමත් වෙන්න පුලුවන් පිලිතුරක් බලාපොරොත්තු වුනත් එයාගෙ හිත දන්නවා එයා බලාපොරොත්තු වුන උත්තරේ එයාටත් අයිතියක් තියෙන දරුවෙක් වුනත් ජිමින් ඒ ගැන දන්නෙ නෑ කියලා.

DADDY'S LOVE || JIKOOKWhere stories live. Discover now