🌈️Chapter 07

Start from the beginning
                                    

ඒ මං O/L ලියලා ගෙදර ඉන්න කාලේ...මං ඉතින් අපේ ගෙවල් ළගම සීයෙකුයි ආච්චියෙකුයි කරගෙන ගියපු පොඩි coffee cafe එකක job එකකට ගියා...අක්කා නම් එපා කියලාමයි කිව්වේ...ඒත් කොහොමද ඔක්කොම බර අක්කා පිට පටවන්නේ...මාත් කොල්ලෙක් නේ...ඉතින් මං එතන වැඩ කළා...

සීයා හිටියේ cashir  එකේ...ඒ ආච්චි තමයි coffee හදන වැඩේ කලේ...මැශින් නේ..මහ ලොකු වැඩක් නෑ ඉතින්...කඩේ තිබුනු කෑම අනම් මනම් ඔක්කොම පිටින් කඩේට හැම උදේම දානවා...මට තිබුනේ waiter වැඩේ තමයි...ඒත් ආච්චිත් හුගක් වෙලාවට මට උදව් වුනා...ඒ මිනිස්සු දෙන්නා හෙනම නිහතමානී මිනිස්සු දෙන්නෙක්...

මහා විශාල cafe එකක් නොවුනත්...ඒ cafe එක තිබුණු පරිසරයත් එක්ක එතනට හුගක් අය ආවා ගියා...තනිකරම ලී වලින් හදලා ඒ ලී වල කොළ වැල් යවලා තිබුනේ...ඒ වගේම cafe එකට මෙහායින් තිබුනු ලොකු නුග ගහත් එක්ක ඒ හරිය මාරම සීතලයි...ඉතින් සෙනග පිරෙන එක අහන්න දෙයක් ඇයි...

ඔය දවසක් එතනට නිතරම යන එන අයියා කෙනෙක්...මං හිතන්නේ අපට වඩා අවුරුදු 10 ක් 12 ක් වැඩිමල් ඇති...එයා හැමදාම වගේ ආවා ගියා...එයා වැඩ කලේ ඒ ළගම තිබුණු financial company  එකකලු...ඒත් එයා දවසක order එක තියන්න ගියාම මට කතා කළා..මගෙන් number එක ඉල්ලුවා...ඉතින් මට කොහෙද phone...මං phone එකක් නෑ කිව්වා....ඊට පස්සේ එයා එයාගේ number ලියලා මගේ අතේම ඒ කොලේ ගුලි කලා...ඒ තමා එහෙම නොදන්න කෙනෙක් මාව ඇල්ලුව පළවෙනි වතාව...එයා number  එක දීලත් අත අතැරියේ නෑ...

මං දැක්කා cafe එකේ සීයා ඇස් දෙකේ තිබුනු කණ්ණාඩි දෙක නහය මැදට කරගෙනම කණ්ණාඩිය උඩින් අපි දිහා බලනවා...මං එදා මාරම අපහසුතාවයකට වැටුනේ...එයා මගේ අත අල්ලද්දී...ඊට පස්සේ මා දිහා බලලා හිනා වුනු විදිය...ඔය එක එක ඒව නිසා..කොහොම හරි සීයා කිව්වේ එයා ළගින් ටිකක් ඈත් වෙලා ඉන්න කියලා...

ඒත් දවසක ඒ හාල්පාරුවා මගෙන් ඇහුවා washroom කොහෙද තියෙන්නේ කියලා...මං ඉතින් එයාට wash room තියෙන තැන පෙන්නන්න එක්කන් ගිය වෙලාවේ මූ මාව බිත්තිය තද කර ගත්තා..ඒත් කමක් නෑ කියමු..ඒත් මූගේ අත් මගේ ඉණ වටේ එතෙද්දි නම් මට මාරයා ආවේස වුණා...මට මහ අප්පිරියාවක් දැනුනේ...මට තරහා ගිය නිසාම මං ඌගේ කකුල් දෙක මැදට දණහිසෙන් පාරක් දීලා හැරිලා ගෙදර ආවා...ඒ තමයි මං cafe එකේ වැඩ කරපු අවසාන දවස...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now