🌈️Chapter 04

Start from the beginning
                                    

"මොකට් හදනවාද මංදා ආයේ මෙතන"

මං මටම මුමුණ ගත්තා..මං හිතන්නේ මෙච්චර ළගින් ඉදලාත් ඉශාන්ට නම් ඒක ඇහුනේ නෑ...අපිට ඉස්සරහින් ඉණටත් අත් දෙක තියාගෙන සමර් හට් එක දිහා බලන් හිටියේ අක්කාගේ අරයා...

"නෑ...මේ අහපන්කෝ...මූට කැසිල්ලද ඕයි ආයේ මේක හදන්න හදන්නේ? "

"උබ දන්නවාද මූ කව්ද කියලා?"

මං හෙමීට අහද්දී ඉශාන් මගේ කනට කරලා මිමිනුවාම මං අරු දිහා බලන් හිටියා...ඌ අදින විදිය , ඌගේ වාහනේ...එතකොට හැමදිස්සෙම අතේ තියාගෙන උඩ දදා ඉන්න iphone 15 යි මේ නිසා මං නම් හිතන්නේ මූ සාමාන්‍ය පව්ලක එකෙක් නම් වෙන්න බෑ...ඉතින් මං නෑ කියන්න හිස වැනුවා...ඇත්තටම නම ඇරෙන්න මං මූ ගැන මොනාද දන්නේ?

"WJ Group ඒ කියන්නේ විජේමාන්න business වල one and only son...අභිරු තීර්ථ විජේමාන්න..."

ඉශන් කියද්දී මගේ ඇස් ලොකු වුණා..මූ එච්චර ලොකු එකෙක්ද? WJ ගැන කව්ද නොදන්නේ?

"WJ group කියන්නේ..Lake A Technology Company එක .."

"යෙප් යෙප්...Lake A , WJ Hotels , තව club දෙක තුනකුත් මං දන්න තරමින් මුන්ට තියෙනවා...විජේමාන්න අන්කල් අපේ ඩෑඩ්ගේ යාලුවෙක්ලූ ස්කූල් කාලේ..."

ඉශාන් කියාගෙන යද්දී මගේ ඇස් ඌ දිහාට හැරුණා....ඌ මගේ කර වටේ අත දාගෙන මං දිහා බලන් හිටියෙ නිසාම ඌගේ මූණ මගේ ළගින්මයි තිබුනේ..මූ මාලුවෙක් වගේ මට පෙනුනේ...ඒත් මං හිටියේ සීරියස් මූඩ් එකක...

එතකොට අපේ අක්කා මේ පාරත් ලොකු අත්තක එල්ලෙන්ද යන්නේ?...මං කලින් එකා ගැන දන්නේ නෑ තමයි..ඒත් ඌ මොන වගේ එකෙක්ද කියලා මං දන්නවා...ඒත් මට නම් මේ වගේ සල්ලීකාර උන්ව විශ්වාස නෑ...

මං හිටියේ කල්පනා කරමින්...ඒත් ටික වෙලාවයි මාව පිටි පස්සට ඇදිලා ගියා...

"ආව්..."

කල්පනා ලෝකෙන් මිදුනු මට දැනුනේ මගේ වැළමිට ළගින් තද වේදනාවක්...ඒක නම් රිදෙනවා...මං ඉශාන් දිහා බලද්දී ඌත් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..මං එහෙමම මගේ වැලමිට දිහා බැලුවා...ඒ දිග ඇගිලි අතරට මගේ අත මිරිකිලා තිබුනු විදියට මෙහෙම රිදෙන එක අහන්න දෙයක් ඇයි...මං අත දිගේ අරූගේ මූණ දිහා බැලුවා...අභිරු සෙවලයා අල්ලන් හිටියේ මගේ අතෙන් වුනාට බලන් හිටියේ ඉශාන් දිහා...මේ මොන මගුලක් ද?

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now