හතලිස් දෙවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

මම ඒ ෆයිල් එක ඕපන් කරා...

ඒක මුද්‍රණය කරපු  පත්තරේකින් ගහපු ෆොටෝ එකක්....ඒ නිසා අපහැදිලියි...සෑහෙණ පරණයි වගේ..

"2013 .....එච්චර පරණ පත්තරේක...."

..... ඛේදවාචකයක් වූ පෙම් කතාවක්....

"ඒ මොකද්ද ඒ...."

මම එතන තිබ්බ ෆොටෝ එක සූම් කලා...

"ඒ අර සුදු පීත්ත පටි කෙල්ල.....අර එහා පැත්තෙ ඉන්නෙ දේවාන්‍ය තමා....
ඒත් මේ වගේ ප්‍රවෘත්තියක් මෙ සිද්ධියට වැදගත් නං නෑ වගේ.....අනික මේක සෑහෙන පරණ සිදධියක්.."

යෙහාර කීවෙ ඇත්ත....මේක සෑහෙන පරණ සිදුවීමක් නිසා අපි හොයන දේට අදාල නැතිවෙන්න පුලුවන්...

....තරුණයාගෙ තවත් සබදතාවක් පෙම්වතියට හසුවූ පසු පෙම්වතා හෙලකින් පහලට පැනීමට තැත් කර ඇත.... පෙම්වතාගේ වෑයම නවත්වා ඔහුව බේරාගත් පෙම්වතිය ඊට පැයකට පමණ පසු එක්වරම අභිරහස් ලෙස මරණයට පත්වී ඇත......විෂ ශරීරගත වීමකැයි සැක කෙරේ... මොවුන් වසර විසි එකක් පමණක් වූ  විශ්ව විද්‍යාල සිසුන් බව වාර්තාවේ සදහන් වේ.....

යෙහාර ඇස් පුංචි කරගෙන කහ ගැහුණු පරණ පත්තරේ කියවන්න ගත්තා...

"ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්නෙ...ඒ කියන්නෙ අර බිත්තියේ ෆොටෝ ගහලා තිබ්බ ගෑනු ළමයා මැරුණේ දේවාන්‍ය නිසා....සමහර විට වස බීලා.....එයා කොල්ලව බේරගෙන එයා මැරිලා.....
ඒත් එහෙම කොල්ලෙක් නිසා මැරෙන එක මෝඩකමක්නෙ.."

"ඔව්..මෝඩකමක් තමා.....ඒත් ආදරය ඉස්සරහා මිනිස්සු හරි බොලදයි යෙහාර.....අනික මිනිස්සුන්ගෙ දරාගැනීමත් කෙනාගෙන් කෙනාට වෙනස්...."

මට මතක් වුණා දේවාන්‍යගෙ බිත්තියේ තිබ්බ පින්තූර....දේවාන්‍ය සමහර වෙලාවට කියන වචන....

ආදරේ හිස්තැන් තියාගන්න එපා....යක්කු රිංගනවා....

මම බිදුණු මිනිහෙක් ශෙනාල්.....ආත්මෙම නැතිවෙචිච මිනිහෙක් ..ඔයාගෙ ආත්මෙ නැති කරගන්න එපා....

....සමහර වෙලාවට සමහර දේවල් තේරෙන කොට පරක්කු වැඩියි...පරක්කු වෙන්න එපා....

මම යෙහාර දිහා බැලුවා....එයා අනුකම්පාවෙන් වගේ ලොකු හුස්මක් ගත්තා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now