තිස් දෙවෙනි ඉඩෝරය🌵

1.1K 240 52
                                    

ශෙනාල්ගෙ pov.❤️

රෑ අහසේ තරු තිබුණට...
නෑ එළියක් හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද...
නෑ කිසිවක් නුඹ වාගේ...
සැනසෙන්නම් මා...
නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
සරලයි නම් මා.
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...

ඩ්‍රයිව් කරන අතරේ මගේ ප්ලේ ලිස්ට් එකේ ඒ සිංදුව ඇහෙද්දි මට ඉබේම මට එහා පැත්තේ ඉදගෙන පැන්සලකුත් හපාගෙන ගණන් හදන මගේ ලෝකෙ හද දිහා බැලෙනවා......

එයාට නං සිංදුව ඇහෙන්නෙත් නෑ....එයාගෙ බජට් රිපෝට් එක තමා ඔය හදන්නෙ...
එයාගෙ පුංචි බිස්නස් එක එයා සීරියස් විදිහට ගන්නවා.....දැන් මේ යන්නෙත් ඒ වැඩට තමා....අත නිසයි තාත්තගෙ ඇක්සිඩන්ට් එක නිසයි මම නිවාඩුනෙ......
ඉතිං සැමියාව ප්‍රථම රාජකාරිය කරගෙන මම එයාගෙ වැඩට උදව් වෙනවා.....

යෙහාර මොකක් හරි දේකට සම්පූර්ණ අවධානෙ දීලා බලන් ඉන්නකොට හරිම සරාගියි....කට උල් කරගෙන පැන්සලත් හපාගෙන ...මූණ පැත්තකට හරවගෙන...කොට කොණ්ඩේ කූරු කූරු ඉස්සිලා තියෙද්දි ඒක වෙනම පෙනුමක්....

මම එයාගෙ පෙනුමත් රස විදින ගමන් ඩ්‍රයිව් කරා....දැන් අත නං අඩුයි...ඒ නිසා ඩ්‍රයිව් කරන්න පුලුවන්....රොවේන් එක පාරක් කතා කරා....ආයෙ ආයෙ විස්තර ඇහුවෙ නෑ.....යෙහාර ඉන්න නිසා එයාට බයක් නෑ මට අවුලක් වෙයි කියලා.......

වෙලාවකට රොවේන් මගේ තාත්තා වගේ....මොනවා හරි වෙච්ච ගමන් හොයනවා බලනවා....ඒකට හරියන්න යෙහාර හරියට අම්මා වගේ.....කන් අඩි පුපුරන්න බැනලා මදි පාඩුවට අඩනවා...
ඊලග ආත්මේ උං දෙන්නව කසාද බන්දලා දීලා මම ළමයා වෙනවා....

මම ඉතිං ඔය එක එක විකාර හිත හිත යෙහාර කීව පාරට වාහනේ හැරෙව්වා....

අපි උදේම ඇවිත් යෙහාරගෙ අම්මවත් බලලා නංගිව ස්කූල් එකටත් දැම්මා....
අම්මගෙ තත්වෙ ලොකු වෙනසක් නෑ.....එයා ළග ඉදලා එයාව බලාගන්න කෙනෙකුත් මම යෙහාර එපා කියද්දිම නැවැත්තුවා........
යෙහාර කොල්ලෙක් නිසා එයාට ඉන්නත් බෑ...නංගි පොඩියි, අනික ස්කූල් යන්නත් ඕනනෙ....

මම ඩොක්ටර්ට කතා කරන්නත්  ගියා... ඩොක්ටර් නං කීවෙ එයාලට සැකයක් තියෙනවා, ඒත් confirm කරනකං හරියටම කියන්න බෑ කියලා...තවම දවස් දෙකයිනෙ හොස්පිට්ල් එකේ....
මට එච්චර හොද හැගීමක් නං නෑ මේ ගැන....ඒත් මම ඒ සැකේ ගැන යෙහාරට කියන්න ගියේ නෑ...
එයාව කඩා වැටෙන එක මට දරාගන්න බෑ.....හිනාවෙලා හිටියට දැනටම එයා ඉන්නෙ බයවෙලා......
ඉතිං මම පුලුවන් තරං එයාව සතුටින් තියන්න උත්සාහා කරනවා.....
මට බෑ යෙහාර ලෙඩ වෙනවා බලන්න...

පතොක් මල්🌵✔️Kde žijí příběhy. Začni objevovat