විසි තුන්වෙනි ඉඩෝරය🌵

1.6K 304 44
                                    

යෙහාරගෙ pov💚

අපි ඉන්නෙ නගරෙක වුණාට මේ  නගරෙ මැද්දෙත් තියෙනවා හිත නිවන , වැඩිය කවුරුත් නොඑන තැන්..

අද මම අයියව එක්කන් ගිය පන්සල ඒ වගේ තැනක්...
අයියව එක්කන් යන්නෙ මමය කීවට ඇත්ත වශයෙන්ම කීවොත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත...
එයාගෙ ඇගට හේත්තු කරන් මගේ කකුලට බර නොදී මාව එක්කන් යන්නෙ එයා....
ඒත් පාර දන්නෙ මමනෙ.....
ඒ නිසා නඩේ ගුරා මම....

මම අයියා එක්ක කතා කරේ නෑ...අහක බලන් ගියේ.....එයා මට අරක එපා මේක එපා කියනවට මම කැමති නෑ...ආදරේට වුණත් එයා මාව පාලනය කරන්න එනවට මම කැමති නෑ....
හරි...මේ කකුලත් එක්ක මට පාටියට යන්න බෑ තමයි....
ඒ වුණාට එහෙම ඕන්නෑනෙ...

මට මාව දුර්වලයෙක් වගේ දැනෙන හැගීම නතර කරගන්න ඕනේ....
ඒත් මට අයියා මාව අතින් අල්ලන් ඉන්නකොට දැනෙන පරිස්සමත් ඕනෙ ..
මට මං ස්වාධීන පිරිමියෙක් කියන හැගීමත් ඕනේ....

"මොනවද හිතන්නෙ යෙහාර..... "

"මුකුත් නෑ..."

"තාම තරහද..."

"නෑ..."

"එහෙනං කතා නැත්තේ....

එයා එහෙම අහනකොට බර හුස්මක් පිටවුණා...

"මට ඕනෙ මොනවද කියලා මං වත් දන්නෑ අයියේ....මට ඔයාව ඕනේ...මට මාවත් ඕනේ...ඔයාගෙ අස්සෙ හැංගෙන්නත් ඕනෙ...ඒත් මට තනියම නැගිටින්නත් ඕනේ..."

මම මට දැනුන ඇත්ත හැගීමම කීවා....

"පණ්ඩිත ඌරු පැටියෝ...ඔච්චර හිතන්න ඕනෙද ......ඔයාගෙ හිතට දැනෙන දේ කරන්න..."

"මට ඒ දෙකම එකවර දැනෙනවනෙ..."

"ඉතිං ඔයා මං අස්සෙ ඉදහිට හැංගුණා කියලා ඔයාට තනියම නැගිටින්න බැරි වෙනවද???"

"ඉතිං මං ඔයාට පුරුදු වුණාට පස්සේ මට ඔයාව නැතිව බැරිවෙයිනෙ..."

"ඉතිං මම හැමදාම ඉන්නවනෙ..."

"මේ ලෝකේ කිසි දෙයක් ස්ථීර නෑ අයියේ..."

අයියා මං දිහා බලලා බර හුස්මක් ගත්තා...

"මේ ලෝකේ අස්ථීරකම ගැන ඔයාටත් වඩා මම දන්නවා යෙහාර...ඒත් මම උත්සාහ කරනවා ඒ හැමදේම හිතට නොගෙන ජීවත් වෙන්න....ඔයා ඒකෙ අනිත් පැත්තනෙ...ගණන් නොගෙන අතෑරලා දාන්න ඕනෙ ඒවා ගැන ඕනෑවටත් වඩා හිතලා..
ගණන් ගන්න ඕනෙ ඒවා නොසලකා හරිනවා..."

පතොක් මල්🌵✔️Where stories live. Discover now