දාසයවෙනි ඉඩෝරය🌵

1.5K 300 26
                                    

ශෙනාල්ගෙ pov ❤️

මම මෙච්චර කල් හිතන් හිටියෙ මම ජීවත් වෙනවා කියලා....
ඒත් දැන් හිතෙනවා මම මෙච්චර කල් ජීවත් වෙලා නෑ.....
මගේ ජීවිතේ හැමදාම මොකද්දෝ හිස්තැනක් තිබ්බා....
ඒ හිස්තැන යෙහාරගෙ හැඩේට තිබ්බ හිස්තැනක් කියලා මට තේරුණේ අද..

ඔව්....ආදරේ කලා තමයි....
ඒත් මේ තමයි මගේ ජීවිතේ කියලා තේරුණේ අද....

එයා එයාගෙ අතින් බත් බෙදලා මම කෑම කන දිහා මොකද්දෝ හැංගිච්ච උණුසුම් හැගීමකින් බලන් ඉද්දි මට දැනුනා හරියට පපුව හිරවෙන්න වගේ හැගීමක්....

මම අපි දෙන්නගෙ අනාගතේ දැක්කා..

පුංචි ගෙයක් ඇතුලේ අර පරණ තාලෙ කුෂන් තියෙන සෝෆාවක් උඩ අපි දෙන්නා ඉදන් ඉන්නවා.......
එයා මගේ උකුල උඩ ඉදගෙන බත් පිගානක් අතේ තියන් එයත් කන ගමන් මට කවනවා........

මං එයාගෙ ඉන කිතිකවද්දි එයා මගේ උරහිසට අතින් ගහලා හිනාවෙනවා...

ඒ අනාගතේ සැබෑ වෙයිද?? ....
මම කොහොමහරි ඒ අනාගතේ සැබෑ කරගන්නවා....

ආරාධනාවක් නැතුවම ඒ ගෙදරට ගියපු මම ගෙදර එද්දි හවස් වෙලා..
මම ආවෙ තෘප්තිමත් හැගීමක් එක්ක.....
යෙහාර විතරක් නෙවෙයි...
යෙහාරගෙ නංගි හිමායාත් මගේ යාළුවෙක් වෙලා ඉවරයි...
නංගිත් යෙහාර වගේම ආඩම්බරයි...හැබැයි යෙහාරට වඩා කටකාරයි...

මට දෙතුන් පාරක් හිතුණා නංගි, ළ මම යෙහාරගෙ යාළුවෙක් විතරක් නෙවේ කියලා දන්නවදෝ කියලත්...

මම ගෙදර එද්දි වැඩට ඉන්න අය හැර කවුරුත් නෑ.....
මම හැමදාම අපේ ගෙදර තියෙන නිස්කලංක ගතියට ආස කරා....
ඒත් අද මට දැනුනා අපේ ගෙදර හරි පාළුයි වගේ...
යෙහාරලගෙ වටපිටාවේ තිබුණ සමාජශීලි ගතිය නිසා එහෙ පාළු නෑ..
මං හිතනවට වඩා ඒ පරිසරය රළු ඇති.....ඒත් තනියම කවුරුත් නැති මූසල ගෙදරක ඉන්නෙ නැතුව මට යෙහාරලගෙ කාමර දෙකේ ගෙදර  ඉන්න එක හොදයි කියලා හිතුණා.....

ගොඩනැගිල්ලක් ගෙදරක් වෙන්න නං ඒ ගෙදරට උණුහුමක් ගේන කෙනෙක් ඉන්න ඕනේ...
ගෙදර එද්දි මග බලන් ඉන්න කෙනෙක් ඉන්න ඕනේ....
කැලෑමල් කඩලා වීදුරුවක් ඇතුලට දාලා සුවද කරන්න කෙනෙක් ඉන්න ඕනේ..
රොටී පිච්චෙන සුවද.....බේකරියෙන් ගෙනාපු අලුත් බනිස් වල සුවද දැනෙන්න ඕනේ....
ඔය හැමදේම එක්ක හිත අවුල් වුණාම දුවගෙන ආවම හිත නිවෙන්න වැලදගැනීමක් දෙන කෙනෙක් ඉන්න ඕනේ...
ඉතිං මේක නිකං පරම්පරාවෙන් හම්බුණ බිල්ඩිමක් විතරයි...
යෙහාරට තියෙනවා ගෙදරක්...
එයා හිතුවට එයා දුප්පත් කියලා ඇත්තටම එයා පෝසත්.....
මම එයාට වඩා දුප්පත්...

පතොක් මල්🌵✔️Where stories live. Discover now