අටවෙනි ඉඩෝරය🌵

2.2K 418 41
                                    

ශෙනාල්ගෙ pov

මම ඇහැරියේ රොවේන්ගෙ ඇනෙක්ස් එකේ ඉදන්....
බීවා කියලා නෑ....මට නිවාඩු ගන්න බෑ දැන්ම...
දැනටම සතියකටත් වඩා ගතවෙලා ඉවරයි....
මම ceo විදිහට එන්න නං මේ ප්‍රශ්න හැමදේම විසදලා වෙනම නමක් හදාගෙන ඉන්න ඕනෙ....කට්ටියව අදුනගෙන ඉන්න ඕනෙ...

ඒත් ඔය මොනවා කරන්නත් කලින් මේ වෙරිමතට ඔලුව රිදෙන එකට බෙහෙතක් ගන්න ඕනෙ.....

රොවේනයා තාම කොට්ටෙකුත් තුරුල් කරන් හුරතල් පෙනුමට නිදි......
මගේ බොඩිබිල්ඩර් බාබිනෙ...

ඊව්..මං ලග මහ ජරා ගදයි...

උදේ පාන්දරම නා ගත්තනං හොදයි වගේ....

ඊයෙ දවස කොහොමහරි ගෙවාගත්ත එක ලොකු දෙයක්....මොන දේ වුණත් රොවේනයා මං ලග ඉන්න එක මට හයියක්...

අද ඉන්සියා,  ඌරු පැටියගෙ ගෙදර යාවිද......ඒ ගෙදර මොනවගේ ඇත්ද???
මටත් යන්න තිබ්බනං වගේ කියලා බොලද ආසාවක් මගේ හිතට ආවා..

ඉන්සියා යෙහාරට ඒ තරං කිට්ටුයි කියලා මම දැනගෙන හිටියෙ නෑ...
යෙහාර එයාව පුංචි කාලෙ ඉදන් දැන අදුනගෙන හිටියා කියලා දැනගෙන හිටියෙත් නෑ...
ඉන්සියා කොහොමත් හෙට අනිද්දා දිහාට එහේ යන්න බලන් ඉදියා කියද්දි මට ඉරිසියා හිතුණා.......

ඒ මොනවා වුණත් ඒ මගේ ඌරු පැටියනෙ....
එයාව ළගින්ම තියාගන්න ඕනෙ.....
එදා මං එයාගෙ පස්සෙන් නොගියා නං නංගිගෙ උපන්දිනේ දැනගන්නෙත් නෑනෙ....
හොද වෙලාවට මගේ වෙනදා එන කාර් එක වෙනුවට වෙන එකක් තිබුණේ....
ඌරු පැටියා බය වුණාද දන්නෙත් නෑ ,

මට මතකයි එදා මාලිගාවෙදි මුණ ගැහුණ පොඩ්ඩිව......
එයාට තෑග්ගක් දෙන්න ආස හිතුණා මට.....
රොවේනයා මොනවා හිතුවත් මට මොකද...

පොඩි කාලෙ ඉදලම මට ආසාවක් තිබුණා නංගියෙක් හරි මල්ලියෙක් හිටියනං කියලා....
ඌරු පැටියා හරියට මගේ මල්ලි වගේ දැනෙනවා ඇති මට......
ඒකනෙ එක වෙලාවක ඌව බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙයි ඊලග මොහොතේ අඩවන්න හිතෙන්නෙයි....
මං පොත් වල කියෙව්ව අයියලා එහෙමනෙ....
බැන්නට ආදරෙයිනෙ.....
ඌරු පැටියත් ඉතිං ආඩම්බරයිනෙ... බනින්නමයි හිතෙන්නෙ ආඩම්බරකම නැතිවෙන්න...

පතොක් මල්🌵✔️Where stories live. Discover now