ශෙනාල්ගෙ pov ❤️
මම ගෙදර එද්දි හතරට විතර ඇති.....
ඔෆිස් ගිහින් ඉන්න එකත් හරි අමාරු වැඩක් දැන්.....යෙහාර මං එනකන් ගෙදර ඉන්නවා කියලා හිතද්දි ගෙදර යන්න හදිස්සියි......මම ගේට් එකෙන් ඇතුලට කාර් එක දානකොටම යෙහාර දොර ගාවට ආවා මම දැක්කා....
මම කාර් එකෙන් බැහලා දොර ගාවට ගියේ හදිස්සියෙන්.....
කොට ෂෝර්ට් එකට ආමි කට් ටී එකක් ඇදලා .......එයාගෙ නහය උඩ පිටි චුට්ටක් හැලිලා .....මොනවා හරි කෑමක් හද හද ඉන්න ඇත්තේ.....
මාව දැක්කම කට පුරා හිනාවේගෙන මං ලගට ආවා....මං ආසයි යෙහාර හැමදාම මං එනකොට ගෙදර ඉන්නවට.....
ඒත් එහෙම බෑ...එයා ගේ අස්සෙ තියාගෙන මගේ විතරක් කරගන්න බැරි තරං වටිනා කොල්ලෙක්....
බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක්වත් කරන්න යවන්න ඕනේ....එයාගෙ බිස්නස් මයින්ඩ් එක ෂාර්ප් කරගන්න උදව්වක් වෙයිනෙ....
මගේ පොඩි එකා දවසක මටත් වඩා ඉහළට යන්න ඕනේ...."මහන්සිද...කෝ දෙන්න බෑග් එක..."
එයා පර්ෆෙක්ට් හවුස් හස්බන්ඩ් කෙනෙක් වගේ මගේ බෑග් එකත් අතට අරන් එයාගෙ ඔලුව ඉස්සුවෙ මම නළලට දෙන හාද්ද ඉල්ලගන්න...
මම ඒකත් දීලා එයා එක්කම උඩට ගියා....එයා බෑග් එක තියලා මං ඉස්සරහට ඇවිත් මගේ ටයි එකත් ගැලෙව්වා....
"දැන් නං ඉතිං පරිපූර්ණ වයිෆ් කෙනෙක් තමා..."
මං එහෙම කීවෙ ඌරු පැටියව අවුස්සන්න......
එයාට වයිෆ් කීවම එක සිය ගාණට කේන්ති යනවා.....අබ දැම්මත් පුපුරන සයිස් එකට....
එයා අර මාත් එක්ක තරහින් ඉන්නකොට දාන නපුරු බැල්ම හරි ගති...."බලමුකො කවුද වයිෆ් කියලා....මගේ හැටි දන්නෑ...මං වැඩ පෙන්නනකොට ඔය ඔක්කොමලා පරාදයි..."
එයා ඔරවගෙන කියනවා....
"එහෙනං පස්සෙ වැඩ පෙන්නන්නකො චූටි හබියෝ....දැන් ගිහින් ඔයාගෙ මහත්තයගෙ තේ එක ගේන්න...."
"මෙයාට තියෙන සැප බලන්නකො..ඔක්කොම අත ළගටනෙ
මං ඉන්නකං ඉතිං හම්බෙයි...""ඒකනෙ ඔයාව ගෙනාවෙ පැටියෝ....මාව කන්න බොන්න දීලා බලාගන්න කෙනෙක් ඕන නිසානෙ...."
ඒ පාර නං විහිලුව දුර ගියා වැඩී කියලා හිතුණේ විස්මිත ජීවන මග කියන තඩි පොතෙන් මගේ ඔලුවටම සැර පාරක් වදිද්දි.....
YOU ARE READING
පතොක් මල්🌵✔️
Romanceඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~