තිස් අටවෙනි ඉඩෝරය🌵

1.1K 231 37
                                    

ශෙනාල්ගෙ pov ❤️

යෙහාරයි මමයි හුගක් වෙලා තුරුල් වෙලා ඉදියා.... පස්සෙ අපි පහලට ගිහින් කාලා බීලා ආයෙත් කාමරේට ආවා....

එයා මේ වගේ වෙලාවට හරිම පරිණතයි....මගේ ඔලුව එයාගෙ උකුලෙ තියන් එයා දිහා බලන් ඉදිද්දි ..
එයාගෙ අත මගේ හිසකෙස් අතරින් යවන ගමන් මගේ හිත හදද්දි....එයා ආදරේ මටම විතරයි කියලා මගේ ඉරිසියාකාර දුර්වල හිතට තහවුරු කරද්දි මට දැනුනා මගේ හිත සන්සුන් වෙනවා.....මට කාලය ගත වෙනවා දැනුනෙත් නෑ.....

දැන් රෑ මැද.....එයා නං මගේ පපුව උඩ ගුලිවෙලා හොදටම නිදි....මට නිදිමතක් නෑ....එක මොහොතක තාත්තා වගේ මාව ආරක්ෂා කරන එයා ඊලග මොහොතේ මගේ පුංචි එකා වෙලා මූණත් උල් කරන් මගේ පපුවෙ ඉඩ ඉල්ලනවා...

මම සිවිලිම දිහා බලාගෙන යෙහාරගෙ ඔලුව අතගෑවා.....

තාමත් මගේ ඔලුව ටිකක් අවුල්වෙලා.....මට මුකුත් හිතාගන්න බෑ....තාම මම නොසන්සුන්....
ඇයි මට මුකුත්ම මතක නැත්තේ??? මම හිතුවා හරිද?? කණ්ණාඩියේ හිටිය අයියා....එයා...එයා දැන් මං ඇතුලට ඇවිත්ද...... නැත්තං මට සිහිවිකල් වෙලා මාව දරුණු වෙන තරමට මට පිස්සු හැදිලද....

මම ගොඩක් තදින් කල්පනා කරද්දි මට ලාවට මැවිලා පෙනෙනවා මම යෙහාරට ළං වුණු හැටි..එයාව බිත්තියකට හේත්තු කරලා එයා අඩනකන්ම එයාට නොරිද්දා රිද්දුව හැටි.....
යෙහාර හිතුවෙ ඒ මං කියලා......
මම හරි සිහියට ආව ගමන්ම යෙහාර දිහා බලද්දි එයාගෙ ඒ මූණේ තිබ්බ හැගීම මට තාම මතකයි.....
එයාගෙ මූණේ තිබුණේ එයාව තෘප්තිමත් කරද්දි මං එයාගෙ මූණට දෙන ඒ අතරමං වුණු පෙනුම....
එයාට තවත් මම නැතූව දරාගන්න බෑ කියලා මට දැනෙන ඒ පෙනුම......
ඒ මූණ මේ තාක් දැකලා තියෙන්නෙ මම විතරයි..
මං හැර වෙන කවුරුත් ඒ වෙලාවට යෙහාර දකිනවටවත් මම කැමති නෑ.......එයා අතරමං වෙන්න ඕනෙ මං ඉස්සරහා විතරමයි....

මට මතක නැති කෙනා ඒ අයිතිය උදුරගත්තා.....මට ඒකට තරහයි...ඒත් මට තරහා ගන්න තියෙන්නෙ මං එක්කමනෙ...

අනික් දේ තමයි මට ලොකු වරදකාරී හැගීමක් දැනෙනවා...
මොකද යෙහාර සම්පූර්ණයෙන්ම එයාට යන්න දීලා හැගීම් වලින් විතරක් පිරිලා ඉන්නවා දකිද්දි මගේ හැගීමුත් නතර වුණා....නවත්තන්නෙ නැතුව එයාව දිගටම බිත්තියට හේත්තු කරගෙන එයාව අඩවන්න තරං රළු ආසාවක් මගේ හිතට ආවා.....

පතොක් මල්🌵✔️Where stories live. Discover now