තිස් හත්වෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

අද උදේ ඉදලම මම වැඩ.....
ලොකු සුපර්මාකට් එකකට ලොකු ඕඩරයක් ලැබිලා තියෙනවා...
ඒකෙ වැඩ කෙරෙනවද කියලා බල බල ඉද්දි නොදැනීම හවස් වෙලා....
අයියා ගෙදර ආව වෙලාවෙවත් මට උඩට යන්න බැරි වුණා.......
එයාට දුක හිතුණද දන්නෙත් නෑ මට එයාව මග හැරෙන නිසා.....

වෙලාවකට එයත් හරි සංවේදියි....
එයා ආවා කියලා ගණන්  නොගෙන හිටියොත්...එයාට අවධානෙ නොදුන්නොත් මූණ එල්ලගෙන ඉන්නවා...මෙහෙමයි ඉතිං.... එයා විතරක් නෙවේ මාත් ඒ වගේ තමානෙ..ඉතිං මුකුත් කියන්න බෑ...

මනුස්සයෙක් ඉන්නෙ ආදරේ පෙන්නන්නෙ.....අවුන්සයක්වත් පිටට පෙන්නන්නෙ නැතුව මෙට්‍රික් ටොන් එකක ආදරේ හංගන් හිටියත් ඇති වැඩක් තියේද ඌරු පැටියෝ...
එයා කියන්නෙ එහෙම......

ඒ විදිහටම එයා මට හැමවෙලේම ආදරේ පෙන්නනවා.....
එයාට කොච්චර කේන්ති ගියත්....
එයා හෝල්ඩින්ග්ස් එකේ ප්‍රශ්න වලට කොච්චර ස්ට්‍රෙස් එකේ හිටියත්....
එයා හැමදාම මාව තුරුල් කරගෙන එක පාරක් හරි ආදරෙයි කියනවා....
මොන මොන ප්‍රශ්න ආවත් එයා නිසා මම ශක්තිමත් වෙනවා.....

මම ඉක්මනට අත් හෝදගෙන උඩට ගියේ අයියා ඇවිත් කියලා දන්න නිසා...මට කාර් එක එනවා ඇහුණේ විනාඩි 45 කට විතර කලින්....
තරහා ගිහින්ද දන්නෙත් නෑ...

"අයියේ.....අයියේ....."

කෝ මේ මනුස්සයා. ........
මේ ඉන්නෙ.....
අයියා මේසෙ ළග ඉදගෙන මොනවදෝ ලියකියවිලි වගයක් පෙරලනවා.....

මම අයියා ළගට ගිහින් එයා ඉදගෙන ඉද්දිම  නැවිලා එයාගෙ උරහිස් වටේ පිටිපස්සෙන් අත් දාගත්තා ....

"අයියේ....වැඩද තාම...."

එයාට මං කියන දේ ඇහුනදත් මන්දා...එයා දිගටම අතේ තිබ්බ ෆයිල් එක පෙරලනවා.....

"එහෙනං මේකයි හේතුව....මම අනුමාන කරපු දේ හරි....මෙච්චර කල් මම ඌට කරපු දේවල් වලට ඌ සුදුසුයි....ඌට ඕනෙවුණේ හවුලෙන් එයාව නෙරපන එක නවත්තන්න....ඒ වෙනුවෙන් තමයි අරම දෙයක් කරේ....බල්ලා....ඌගෙ අතපය බැදලා කිඹුලන්ට කන්න දාන්න වටින්නෙ.."

අයියා තරහා පිරුණු ගිනි ගන්න කටහඩකින් මුමුණලා මේසෙ පිටින් පෙරලලා දැම්මා.....
අයියගෙ වටේ අත් දාගෙන හිටිය මං බයවුණා..

පතොක් මල්🌵✔️Where stories live. Discover now