තිස් හතරවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

"ආවා මෙතන .....මං ඉන්දියන් නාට්ටියක ඉන්න බචාඕ බචාඕ ගාලා කෑ ගහන පතිනි බලියක් කියලා හිතුවද දන්නෑ ....තුරු සුනඛයා.."

මුණු මුණු ගගා කියවලා මාව දවා අළුවෙන්න රවලා අඩි හප්ප හප්ප  පහලට ගියා.....
මනුස්සයව අවුස්සන එක හරි විනෝදයි ඉතිං....
යෙහාර වගේ ටියුබ් ලයිට් එකක් අවුස්සන එක වැඩිපුර විනෝදයි...

මේක තමයි කොල්ලො ජීවිතේ කියන්නෙ...මම ඇදන් හිටිය ඇදුම පිටින්ම  එහෙමම ඇදේ දිගෑදිලා හුස්මක් ගත්තා. ....

දැන් අපේ කාමරෙත් එළිය වැටිලා..... මුළු කාමරේටම යෙහාරගෙ බැල්ම වැටිලා......පොත් රාක්කෙ පැත්තක එයා ලග තියෙන පොත් දෙක තුනක් එකතු වෙලා....මේසෙ උඩ එයාගෙ ගණන් හදන පොත්....
ඇදුම් රැක් එකේ එයාගෙ ඇදුම්......
ඉස්සර වහලා තිබ්බ ජනේල දැන් ඇරලා...මේසෙ උඩ අපි දෙන්නගෙ ෆොටෝ එකක්......
අර මම ගුටිකාපු විස්මිත ජීවන මග පොතනං හිමායගෙ...මම කියවන්න ඉල්ලගත්තේ....කියවන එකෙන් මාව සම්පූර්ණ වීම කෙසේ වෙතත් මට ගුටිත් කන්න වෙනවා වගේ.....

යෙහාර තේ දෙකක් අරන් ඇවිත් එක තේ එකක් මට දීලා එයත් ඉදගෙන අනෙක් තේ එක එයා බොන්න ගත්තා....

"අද දවස කොහොමද අයියේ...."

"අවුලක් නෑ.....ටිකක් වැඩ වැඩී...ඒත් ප්‍රශ්න අඩු දවසක්...අද මොකෝ කරේ...."

"අද වැඩ ගොඩක් ඉවර කරා...දැන්නං තනියම කරන්න අමාරුයි...සෝමා ආන්ටිත් උදව්වට ගත්තා....ලතා ආන්ටි නං උයන්න එපැයි....හම්බවෙන ගාණෙන් සෝමා ආන්ටිට කීයක් හරි දෙන්න ඕනෙ....නිකරුණේ මහන්සි වෙන්න දෙන්න බෑනෙ..."

"ඔයා සෝමාගෙන් අහලා එයාට වැඩ කරන්න දවසකට හරියට පැය ගාණක් වෙන් කරලා ඒ ගාණට හරියන්න මාසෙකට ස්ථීර ගාණක් දෙන්න....එතකොට එයත් හරියට ක්‍රමානුකූලව වැඩ කරයි, වැඩෙත් හරියට වෙයි....ඔයාගෙ පලවෙනි employee වෙන්නෙ සෝමා "

යෙහාර ඔලුව වැනුවා.....
මම යෙහාරගෙ ඔලුව අතගෑවා...
මට එයා ගැන සතුටුයි....එයාගෙ පුංචි බිස්නස් එක දවසෙන් දවස ඉහලට යනවා....කාගෙන්වත් සහයක් නැතුව තනියම එයා දියුණු වෙනවා දකිද්දි මට දැනෙන්නෙ හරි අමුතු ආඩම්බරයක්....මගේ පොඩි එකා දක්ෂයි..

පතොක් මල්🌵✔️Where stories live. Discover now