14

99 8 21
                                    

මගේ Nate,

ඔව් උඹ මගේ!!
මට සමාවෙයන් උඹටත් හොරා උඹව අයිති කරගත්තට Nate. ඒත් මට මාව පාලනය කරගන්න බැරිවුණා, මගේ හිත මටත් හොරා උඹටම බැඳිලා Nate. කවදාවත් නොදැකපු මනුස්සයෙක් වෙනුවෙන් ආදරය කරන්න මම පෙලඹිලා. මම පිස්සෙක් ද Nate? වෙන්න ඇති Nate, නැත්තං කොහොමද දැකලාවත් නැති උඹට ආදරය කරන්නේ.

එකින් එක හිතේ තිබුණු දේවල් මේ කොල වල පටලලා උඹට එවද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ බං මෙහෙම වෙයි කියලා. ඒත් මටත් නොදැනිම ඒ දේ වෙලා. හැම තත්පරයක් ගානෙම උඹව මතක් වෙනවා. මගේම ඔලුව ඇතුලෙ උඹ කියලා හිතාගතපු රූපයක් දැන් ඇඳිලා Nate. මට සමාවෙයන් උඹගෙ අවසරයකින් තොරවම මෙහෙම කරනවට!

Nate ඔයාට බැරිද මට ආදරේ කරන්න?
Nate ඔයාට බැරිද මගේ වෙන්න?

මම උඹට ආදරෙයි Nate!!

මට මේ ආදරය ගොඩක් විශ්වාසයි. මොකද මම ආදරය කරන්නේ රූපයකට නෙමෙයි. ලස්සන කැත මේ දේවල් මම දන්නේ නෑ. හැම දෙයක්ම බෙදා ගන්න උඹ නොදැන උනත් උඹ මගේ ලඟින්ම හිටියා. ඒකටයි මම ආදරය කරන්නේ.

මට මානසික ලෙඩක් වෙන්නැති Nate. නැත්තං මෙහෙම දේවල් කරයිද? කමක් නෑ මම ඒකට කැමතියි. උඹට ආදරය කරන්න මම කැමතියි.

දන්නවද මම හරි කැමතියි උඹගෙ උරහිසට හේත්තු වෙලා ඉර බහිනවා බලං ඉන්න. මොනවා හරි ඕප දූපයක් කියව කියව අත් පටලන් මුහුදු වෙරළක ඇවිදගෙන යන්න. උඹගෙ පපුවට හේත්තු වෙලා ඔය පපුව ඇතුලේ ගැහෙන හදවතේ ඒ රිද්මය අහන්න.....

මම ආසයි Nate!
මට මහ දේවල් ඕන නෑ. මට ඕන හැමදාකම මගේ ළඟ රැඳිලා තියෙන උණුහුමක් විතරයි.

මම ලියපු ලියුම් වලින් මේක තමයි මම උඹ කියවනවට අකමැතිම ලියුම Nate. මොකද මේක කියෙව්වොත් උඹ මට වෛර කරාවි. ඒත් එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවා Nate. මොකද මේ ලියුම් ගඟේ වතුරෙ පෙඟිලා ගං පතුලේ හිර වෙනවා. එහෙමත් නැත්තං ගල් වල වැදිලා කෑලි කෑලි වලට කැඩිලා යනවා. ලියුමකටවත් උඹව හොයන් එන්න බැරි එකේ මගේ ආදරය උඹව කොහොම කියලා හොයන්නද? ඒනිසා මට බයක් නෑ. උඹට මේ ලියුම් නොලැබෙන එක ස්ථීරයි.

ඒනිසා දැනෙන හැම මගුලක්ම මම මේවගෙ ලියනවා. මොකට බයවෙන්නද?

දන්නවද Nate, මම මොනතරම් දේවල් හිතුවද කියලා? උඹ එක්ක මං මොනතරම් දුර ඇවිද්දද? ඒත් හීනෙන්. කවදාවත් නොදැකපු උඹ එක්ක මම ලස්සන කඳුකර පාරවල් වල තුරුලු වෙලා ඇවිදන් ගියා. ඔයා ලස්සන කතා කිව්වා. මම ඒවා අහන් හිටියා. සමහර දවස් වල පොඩියට පොද වැස්ස තිබුණා. එහෙම දවස් වල පුංචි කුඩයක් යටින් ඒ පාරවල් වල අපි ඇවිද්දා. ඒ කුඩේ යට වෙනදට වඩා අපි ගොඩක් සමීප උනා Nate. උඹේ හුස්ම හෙලන සද්දේ පවා මට ඇහෙන තරමට අපි ලං උනා. බය වෙන්න එපා Nate. හීනෙන්වත් මම උඹව සිපගන්න ගියේවත් අයුතු ප්‍රයෝජන ගන්නවත් ගියේ නෑ. මොකද මට ඒවා ඕන නෑ, මට ඕන හැමදාම උඹ ළඟ ඉන්න විතරයි. ඒත් දෙයියනේ මේවා හීන විතරයිනෙ.

කමක් නෑ Nate! කවදාහරි දවසක මගේ හිතට හති වැටෙයි. එදාට සේරම අතෑරලා මම යන්න යයි. ඒත් එතකන් මම උඹට ආදරෙයි Nate. බය වෙන්න එපා මම මේ ආදරේ පරිස්සමින් මගේ හිත ඇතුලෙම හන්ගන් ඉන්නම්. වැරදිලාවත් උඹ ඉස්සරහට එන්නේ නැතුව ඉන්නම්. ඒත් Clyde කියලා මෝඩයෙක් උඹට ආදරය කරනවා කියලා අඟවන්න මට ඕන. ඒකයි මේ ලියුම මෙහෙම ලිව්වේ. ඒත් හිත කියන්නෙම අනිත් ලියුම් වගේම මේකත් උඹට මගෑරෙන්න කියලමයි.

ආදරෙයි!

මෝඩ හරකා,
Clyde

You've reached the end of published parts.

⏰ Last updated: Mar 31 ⏰

Add this story to your Library to get notified about new parts!

From Clyde to NateWhere stories live. Discover now