12

67 14 5
                                    

ඩියර් Nate,

ඇස්!

ඔව් Nate ඇස් තමයි භයානකම, හංගන්න හදන ගොඩක් දේවල් ඇස් වලින් පිට පනිනවා Nate!

හිතේ හැඟීම් වලට ඇස් වලින් පිට පනින්න නොදී ඉන්න පුලුවන් මිනිස්සු හරි දක්ෂයි... ගුප්තයි... සමහරවෙලාවට භයානකයි!!!

මම එච්චර දක්ෂ මනුස්සයෙක් නෙමෙයි
Nate. මට බැරි උනා ඇස් උඩින් සන්ග්ලාස් දෙකක්වත් දාගෙන ඉන්න. ඒනිසා ඇස් එයාගේ උපරිම නිදහස වින්දා. ඒකෙ ප්‍රතිඵලය සෑහෙන්න දරුණුයි Nate. මට මගේ පලවෙනි ආදරය නැති උනා. ඒක පටන් ගන්නත් කලින්ම ඉවර උනා. හරියට ගමනාන්තයට යන්න කලින් කෝච්චියක් පීලි පැන්නා වගේ. මට මගේ ආදරේ විතරක් නෙමෙයි මගේ ජීවිතේ හිටපු එකම යාලුවත් නැත්තටම නැති උනා Nate.

මොකද මම උටයි ආදරේ කලේ Nate, කවදාවත් හිතුවෙ නැති විදිහට යාළුකමට එහා නතර උන හැඟීමක් මට එයා ගැන තිබුණා. ඒත් ඒක මම හැංගුවා මොකද එයා මගෙන් ඈත් වෙයි කියලා බය හිතුණ නිසා.

ඒත් මගේ නපුරු ඇස් ඔක්කොම එයාට කියලා. දැන් එයා මාව පිලිකුල් කරනවා Nate. මොකද කොල්ලෙක් වෙච්ච මම කොල්ලෙක් වෙච්ච එයාට ආදරේ කරපු නිසා. මම උගෙ හොඳම යාළුවා කියන දේ හරි ඉක්මනට එයාට අමතක උනා Nate. ඔව් Nate, මම ලියන්නේ කේන්තියෙන් ඒත් ඊටත් වඩා දුකකින්!

එයාට ආදරය කරපු නිසාම එයා මට දුන්නේ හරි ලස්සන උත්තරයක් Nate.

"ඊයා බල්ලො උඹ gay ද? අප්පිරියයි බන්!"

මම කලේ උට ආදරේ කරපු එක විතරයි Nate! ඒක පිලිකුල් කරන්න දෙයක්ද?

වසන්ත කාලේ පිපෙන කානේශන් මල් වගේම සිසරයෙ පිපෙන ස්නෝඩ්‍රොප්ස් මලුත් ලස්සනයි නේද Nate?

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන එක විතරයිද ලස්සන? කොල්ලෙක් කොල්ලෙක්ට හෝ කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන එක වැරදිද? ඒකත් ආදරයක් නෙමෙයිද මං අහන්නේ?

මේ තරම් නිදහසකින් මේ දේවල් ලියලා දැම්මේ මේ ලියුම් කවදාවත් ඔයාට නොලැබෙන බව මම දන්න නිසාමයි. හදිසියේ හරි මේ ලියුම ලැබුණොත් කරුණාකරලා මාව අමුතු කෙනෙක් විදිහට දකින්න එපා Nate! මමත් අනිත් අය වගේම උණුසුම් ආදරණීය වැළඳගැනීමකට ආස කෙනෙක් Nate!

ඒත් මට මොකක්දෝ විශ්වාසයක් තියෙනවා ඔයා ඒ සාම්ප්‍රදායික ලාංකිකයෙක් නෙමෙයි කියලා. මොකද ඔයා දෙවියෝ එවපු තෑග්ගක්! දෙවියෝ හැම වෙලේම ගත්තේ ආදරයේ පැත්ත.

සමාවෙන්න විකාර ලියුමක් එව්වට!

ඒත් මම කවුද කියලා මුලින්ම කියන එක කෝකටත් හොඳයි කියලා හිතුනා!

අමුතු නැති සාමාන්‍ය,
Clyde.

From Clyde to NateWhere stories live. Discover now