මම එහෙමම මගේ කාර් එකට නැගලා බොඩිගාඩ් කෙනෙක් එක්ක ආයෙම මගේ ගෙදරට ආවෙ මම ඒ වෙලේ හැසිරුන විදිය හිත හිත...
ඒ ගැන පොඩි දුකකුත් තිබුනත් මට තරහකුත් ආවේ නූනා මට කරපු දේ ගැන හිතලා.ඒත් එයා ඒ ඉන්න විදිය දැක්කම පොඩි දුකකුත් නොදැනුනා නෙවෙයි.ඒත් මන් කොච්චර එයාව හෙව්වද කොයි තරම් එයාව රෑට මතක් වෙන සැරයක් ගානෙම ඇඩුවද...එයාව ඕනි කාලෙමයි මට එයාව නැතිවුනේ.ඉතින් මගේ පැත්තෙන් ඒක අසාධාරණ නැද්ද?

ඔය අතරෙම මගෙ ෆෝන් එක රින් වුනා...බලද්දි ටේයියා කතා කරන්නෙ

"ජිමිනා,මගේ අර සුදු පාට celine කැප් එක දැක්කද බන් කොහේහරි තිබිලා"

"යකෝ මන් කෝමද බන් උබේ කැප් එක තියෙන තැන දන්නෙ...මගුලක් කතා කරනවා..."

"ආහ් මූ බලහන්කො...යකෝ උබලගෙ ගෙදර මං ඒක දාලා ගිහිල්ලා තියෙනවා දැක්කද කියලා ඇහුවෙ.මනුස්සකමට පොඩ්ඩක් හොයලා බලපන්කො අඩේ මගේ ආසම එක ඕයි ඕක"

මන් මෙහේ අවුලෙන් ඉද්දි මුගෙ කැප් එකක් ගැන අහනවා...

"මෙහේ ඇති කැපක් නෑ උබ ඕක ජන්කුකාගෙ අපාර්ට්මන්ට් එකේ දාලා එන්න ඇති බලහන් උගෙන් අහලා"

"අඩෝ මොකද ඕයි මේ නැට්ට ගිනිගත්තු මොකෙක්ද වගේ ඇගට කඩන් පනින්නෙ...මොකෝ කේස් එක"

මන් එක අතකින් ඔලුවත් අල්ලන් අනිත් අතින් ෆෝන් එක කනේ ගහගෙනම ඇදට වැටුනා

"අපේ අලුත් ට්‍රාන්ස්ලේටර් නූනා බන්"

"අඩෝ සිරාවට!කෝමද උබ දන්නෙ"

"මන් හයිබ් එකට ගියා වැඩ වගේකට..එතනට නූනත් ඇවිල්ල ඉන්නවා දැක්කා.එවෙලෙ තමා සොන්ග් ශී මට නූනව අදුන්නලා දුන්නේ"

"උබ කතා කරාද ඉතින්"

"නෑ බන්...මන් ග්‍රීට් කරා විතරයි කතා කරන්න ගියේ නෑ බන් ලොකුවට"

"උබ මාර යකෙක්නෙ.අතට හම්බෙච්ච චාන්ස් එක උබ මිස් කරගෙනනෙ"

"උබ ඕම කිව්වට උබට තේරෙයි මන් ඉන්න තත්වෙ උබත් හිටියනම්..."

"හරි,දැන් ඉස්සරහට අපිට නූනත් එක්ක වැඩ කරන්න වෙනවනෙ...අනිත් එව්වොත් නූනත් එක්ක සෙට් වෙයි ඉක්මනට...උබ විතරක් ලොකු ලයින් පෙන්නන්න යන එක හරි නෑනෙ.කෝමත් උබට පැරිස් යන්න තියෙයිනෙ ඒ දවස් ටිකේ වැඩ කරන්න වෙනවනෙ නූනත් එක්ක ඒකෙදි ෆිට් වෙයන්"

"ඒත් බන් නූනට~"

"දැන් උබ හිතනවද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිටිය පලියටම උන් දෙන්නා සෙට් කියලා,ආ...අනේ මේ උබ ඉස්සෙල්ලා නූනා එක්ක කතා කරපන්කො මොකද්ද ඇත්තටම එදා සිද්ද උනේ කියලා...සමහර විට අර කියන සිද්දිය නිසාම නූනට යන්න වෙන්න ඇති.ඊට පස්සෙ බලමුකෝ මොකද වෙන්නෙ කියල"

"හ්ම් හ්ම් මන් බලන්නම්කො...දැන් උබේ කැප් එකට මොකෝ කරන්නෙ"

"ආහ් ඒක නම් බන් තව එකක් ගන්න හරි පුලුවන්නෙ ඒක වගේද යකෝ උබේ ප්‍රශ්නෙ.මගේ සෝල්මේට් ගෙ පස්න මටත් පස්න...හරි හරි මන් තියන්නම් උබ දැන් ගිහින් කාලා බීලා නිදාගනින්"

"ඕ මන් උබ කියනකම්නෙ හිටියෙ"

"ආහ්...මන් ඉන්නම ඕනි උබට මේ වගේ සීන් වලට උපදෙස් දෙන්න මන් නැ~"

"බීප් බීප්"

මන් ඌ කියන ඒවා වලට හිනාවෙවීම කෝල් එක කට් කරලා ඌ අන්තිමට කිව්ව දේ ගැන කල්පනා කරන්න ගත්තා.ඇත්තටම ඒක නිසාද නූනා මගෙන් ඈත් වුනේ.ඒක බොරුවක් නෙවෙයිද ඒනම්?
ඕවා ගැන හිත හිතම මට එහෙම්මම නින්ද යනවා දැනුනෙවත් නෑ...මොනා උනත් කාලෙකින් එක දිගට නින්ද ගිය එක නම් ලෝක පුදුමයක්!ඒකත් නූනාව ආයෙ හම්බවෙලා කතා කරන්න හම්බුනු එකද?නැත්තන් නූනා ළඟ හිටිය ඒ බෝයි නූනාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ම වෙන්න බෑ නේද කියලා හිතිච්ච නිසාද?

________________________________________
A/N
Writing style එක වෙනස් ඇති
මන් හිතනවා ඒක අවුලක් නැතිවෙයි කියලා

Unexpected wishNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ