"මේ ඇතිද නිදුක්?"
"ඔය මොකද්ද අයියේ. බෑයම ගාන්න"
මම එහෙම කිව්වාම තුහින අයියගෙ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ උනා. මැල්ලුම් ඕන නම් ගාපිය පොල්..
මම මේ හිටියෙ ගස්ලබු ගෙඩිය සුද්ද කරන ගමන්.. මුලින් බංගලාවෙ පොඩි මහත්තයගෙ ඩ්‍රයිවර් වෙන්න වුනා.. දැන් කුස්සි අම්මා උනා..තව ඉස්සරහට මොනා වෙන්න වෙයිද දන්නෑ මට..
මම ගස්ලබු ගෙඩිය සුද්ද කරන ගමන් ඇස් කොනෙන් තුහින අයිය දිහා බැලුවා.. පව් අඩේ දිවත් එලියෙ දාගන පොල් ගානවා... පොඩ්ඩක් හුරතලුත් එක්ක.. මෙහෙමයි ඉතින් මගෙ ගස්ලබු මැල්ලුමට මෙයා ආස උන එකට මට සතුටුයි..මට රසට උයන්න පුලුවන් කියල තුහින අයියත් පිලිගන්නවනෙ ඒ කියන්නෙ.. ඒත් හරීම වදේ මේක.. තේරෙනවනෙ නේද අනේ මම කියල කීයක් දේවල් කරන්නද!
"නිදුක් දැන්??"
මේ මිනිහා විනාඩි පහෙන් පහට බාගෙට ගාපු පොල් බෑය පෙන්න පෙන්න දැන් ඇතිද දැන් ඇතිද අහනව.. පොල් ගාලා නෙවේ කටෙන් හපලා දාලද මන්දා තඩි පොල් කෑලි පිඟානේ..
"ආයෙ මම කියන්නෑ හොදේ.. බෑයම ගාන්න!!"
මම එහෙම කිව්වාම තුහින අයියට මලපැනල මටත් රවල අඩියකුත් පොලේ ගහල පොල් බෑය ගාගන ගාගන ගියා.. හොද වෙලාවට ඉදගන ගාන හිරමණයක් නෙවෙයි මේක..නැත්තම් මේ ගාන ගෑමට හිරමනේ ස්ටාර්ට් වෙනවා
><
"අයියේ!! ඔයා දැන් මට කිව්වෙ ගස්ලබු මැල්ලුමක් හදන්න කියල නේද? මොකටද මාලු ටික එලියට ගත්තෙ?"
ෆ්‍රිජ් එකෙන් ගත්ත මාළු ටිකත් අතේ තියාගන හොරගල් අහුල අහුල ඉන්න තුහින අයියාව දැකල මම කෑගහද්දි ඒකා හොරා වගේ අහක බලාගන ආයෙ මගෙ දිහා බැලුවා.. විමලා නැන්දාත් ඇවිත් අනේ ජනා පුතා අද මෙහෙ උයනවද ගාලා ගියා යන්න.. යකෝ ආසයි කිව්ව නිසා මේ පව් කියල මැල්ලුමක් හදල දෙන්න ගිහින් මං කරගත්ත වැඩක්..
"ඕක එක්ක විතරක් බත් කන්න බෑනෙ නිදුක්"
තුහින අයියා එහෙම කියල මාලු එක සින්ක් එකට අතෑරිලා.. හරි හුත්තක් උනානෙ මේක
"ඉතින් මේක එක්ක විතරක් කන්න බැයිනම් නොකා ඉන්න.. ඇයි යකෝ"
මට සිරාවටම මල පැනලා හිටියෙ නැති උනාට පොඩ්ඩක් කෑගැහුවා ඉතින්. මෙයා කියන කියන පදේට නටන්න ගියාම අගේ නැතිවෙනව අපේ..
BINABASA MO ANG
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.