41.

2.1K 254 130
                                    

මොකද ලමයෝ ආව වෙලාවෙ ඉදන් කාමරේ අස්සෙ ඉන්නෙ.. ඇඟපත හෝදගන කෑම කන්න එන්න.. "

අම්මා කාමරේ ළඟින් යන ගමන් මට කෑගහගන යද්දි ඒ කටහඩට මං පියවි සිහියට ආවා..මං දන්නෑ මං කොච්චර වෙලා මේ ෆොටෝ එක දිහා බලන් හිටියද කියන්න..එයා කෝල් ගන්නකල් මට කෝල් ගන්නෙපා කිව්ව නිසා මේ ගැන මට තුහින අයියාගෙන් අහන්න විදියක් තිබුනෙත් නෑ.. මට දැනුනෙ මම ලෙඩවෙලා වගේ හැඟීමක්. ඒ තරම් මේ ෆොටෝ එක මගේ හිතට මහ වදයක් ගෙනල්ල තිබ්බා..

මම තවත් විනාඩි ගානක් ෆෝන් එක දිහා බලන් ඉදල ලොකු හුස්මක් පහල දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බා. නාගන්න ඕන.. මගෙ ප්‍රශ්න ගෙදර මිනිස්සුන්ට කියන්න බෑ.. මෙහෙම මනෝ ගගහ ඉදලා නෝන්ඩි වෙන්නත් බෑ.. අනික අම්මා කෝස් එක ගැන විස්තර අහගන්න ආසාවෙ ඉන්නෙ ඔය දගල දගල.. මම නාගන එහෙම්ම රෑට කන්න සාලෙට ගියා..




අම්මා එක්ක කතා කර කර කෑම ටිකත් කාලා ආයෙම කාමරේට ආව ගමන් මම කලේ ෆෝන් එක අතට ගත්ත එක..මැසේජ් එකක් වත් ඇවිත් ඇති කියන බලාපොරොත්තුවෙන් ෆෝන් එක අතට ගත්තත් තුහින අයියගෙන් කිසිම පණිවිඩයක් මට ඇවිත් නොතිබ්බෙ මගෙ බලාපොරොත්තු ඔක්කොම මාවම රිද්දගන කඩාගන වැටෙද්දි..

කොයිතරම් නොහිතා ඉන්නව කියල හිතුවත් මට සැරින් සැරේ මතක් වෙන්නෙම ඒක වෙද්දි මම ඇදට වැටිලා කලේම ඒ ෆොටෝ එක දිහා වගේම ඒකෙ කමෙන්ට් දිහා බල බල හිටිය එක.. නිසලි වගේම එයාගෙ යාළුවොත් ඒ දෙන්නාව සහෝදරයෝ වගේ බලන්නෑ කියල ඒ කමෙන්ට් වලින් මට තේරුනා.. මට දැනුනෙ හිත පත්තු වෙලා වගේ හැගීමක්.. සැරින් සැරේ තුහින අයියගෙ ලාස්ට් සීන් බල බල පැය ගානක් යනකල් මම ෆෝන් එකේම ඇස් අලෝගන හිටියා..








කීයට කොහොම නින්ද ගියාද කියල නොදැන හොදටම නින්ද ගිහින් හිටිය මම ඇහැරුනෙ ෆෝන් එකේ වයිබ්‍රේට් එකට. පියවි සිහියට එන්න ගිය තප්පරේ දෙක ඇරුනාම මම උඩ ගිහින් ඇහැරිලා දඩ බඩ ගාලා ෆෝන් එක අතට ගත්තේ පපුව පුදුම වේගෙකින් ගැහෙද්දි..

හිත ඉල්ලපු නම ම ස්ක්‍රීන් එකෙ වැටෙද්දි මම කෝල් එක ආන්සර් කරා..

"පැටියෝ..."

එහා පැත්තෙන් තුහින අයියගෙ කටහඩ ඇහෙද්දි මං පිරිමියෙක් වෙලත් මගෙ ඇස් වල කදුලු පිරුණා.. මෙච්චර වෙලා හිත හාරගන යන දුකක් එක්ක ඒ කෝල් එක එනකල් බලන් හිටිය නිසාද මන්දා දැනුනෙ අප්‍රමාණ සතුටක් එක්ක මහ බොළද සැනසීමක්..

ඇහි පිල්ලම් යට (TaeKook)حيث تعيش القصص. اكتشف الآن