17.

1.4K 263 80
                                    

"සුදු බාප්පාගෙන් මිස්කෝල් දෙකක්ම තිබ්බා.. අරන් බලන්නකෝ පුතේ ඇයි අහන්න"

අම්මා වැඩ ඇරිලා ඇවිල්ලා නාලා කොන්ඩේ ගස ගස කාමරේට එනකලුත් මම හිටියෙ ඊයෙ උන දේවල් ගැන හිත හිත. අද මට තුහින අයියව හම්බුනේ නෑ.. මම දවසම හිටියෙ හංදියෙ..

"ඉතින් අම්මා අරන් බලන්නකෝ.. මටයැ ගත්තෙ"

සුදු බාප්පා ඊයෙ ඉදන් මට කෝල් සීයක් විතර ගත්තත් මම ආන්සර් කලේ නෑ.. සහනයා නම් කෝල් අරන් තිබ්බෙ නෑ.. ගත්තත් මම ඒක ආන්සර් කරන්නෙත් නෑ..  දේවල් දෙකක් මගෙ මොලේට තාම හරියට ප්‍රොසෙස් කරගන්න අමාරු වෙලයි තිබ්බෙ.

එකක් සහන් කැමති කොල්ලන්ට කියන එක.. අනික ඒ කොල්ලා මගෙ බාප්පා කියන එක.. හත්තික්කවලාමේ මේවා කොහොමද මම උහුලගන්නෙ..

ඒ ඔක්කොම අස්සෙ අර බංගලාවෙ පොඩි මහත්තයා කියන එකා මගෙ කම්මලක් වගේ ඔලුවට තව විගඩමක් දැම්මා.. ඊයේ ඒකා මගෙ අතෙන් අල්ලලා කිව්ව වහෙං ඔරෝ කතාව මතක් වෙද්දිත් මට දැනෙන්නෙ මගෙ බඩ දැවිල්ල ගන්නව වගේ හැගීමක්.. පපුවත් දඩ දඩ ගාලා ගැහෙනව ඒකා මගෙ කන ලගටම ඇවිල්ලා ඒ කිව්ව එකට..

'ඔයාටත් එහෙම කියන්න බැරි දේවල් සිද්දවෙයි..ලඟදිම'

මේ දැනුත් මට ඒක මතක් වෙලා බඩ දැවිල්ල අරගන පපුව ගැහිලා ගැහිලා හිරිගඩු පිපුනා.. මගෙ ඇග දුර්වල වෙලාද කොහෙද විටමින් එකක්වත් අරන් බොන්න ඕන..

"අනේ මගේ එකේ සල්ලි නෑ බන්. අරන් දියන් කෝල් එකක්"

මම මනෝ ලෝකෙන් ආයෙම බිමට පතබෑවුනේ අම්මගෙන් ආව විසාල සබ්දයෙන්.. අයියෝ කන් ඇහෙනව අනේ මගුල!

"ඉන්න ඉන්න. ඕකට කාඩ් එකක් දාගන්නකො අනේ මගුල"

මම ෆෝන් එක අරගන සුදු බාප්පාට කෝල් එකක් අරන් ඒක අම්මගෙ ඇගේ ගැහුවා.. සුදු බාප්පා නෙවේ මූ වල් හිකනලා!

"අහ් මල්ලි.. සුදු පුතා නෙවෙයි මේ උපුලි අක්කා.."

සුදු බාප්පා ෆෝන් එක ආන්සර් කරාද කොහෙද. මං කියල හිතල.. සුදු පුතා ආයෙ උබට කෝල් ගන්නෑ සුදු බාප්පේ!.. කියන්නෙ මොනාද කියල අහන් ඉන්න ඕන උනත් ආයෙ ඕපදූප හොයන එක නරක වැඩක් හින්දා මම ඒ අදහස අතෑරල දැම්මා..

ඇහි පිල්ලම් යට (TaeKook)Waar verhalen tot leven komen. Ontdek het nu