විසි හතරවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

මම එනින් ගමන් ක්‍රොසිනට් එකකුයි එයා ආස විදිහෙ මෂ්රූම් පේස්ට්‍රි දෙකකුයිත් අරගෙන සරත් ලවා කොෆී දෙකකුත් ගෙන්න ගත්තා...

මම කොෆී දෙකක් බොන්න තරං පෙරේතයෙක් කියලා සරත් හිතුවත් ඉතිං මට කරන්න දෙයක් නෑ...

මම හිටියා යෙහාර එනකං බලාගෙන.....
එයා එද්දිම මම එයාට එන්න දොර ඇරලා දොර ළගම කාමරේ ඇතුලට වෙන්න හිටගත්තා...

"ආ අවුලක් නෑ මිස්...දැන් හොදයි..."

"ඔව් ඔව් සර්...වැටුණනෙ...ඒකනෙ..."

"ආ...තැන්ක් යූ මිස්...ඔව් දැන් හොදයි..."

අගලෙන් අගලට යෙහාරව නවත්තගෙන මේ ඔෆිස් එකේ ගෑනු ටිකයි පිරිමි ටිකයි ප්‍රශ්න අහනවා..

මගේ එකාට හුස්මක්වත් ගන්න දෙන්නෑ.....
හැමෝම යෙහාරට ආදරෙයි....
වැඩිය කතා නොකරට එයා හැමෝටම ලෙංගතුයි...හැමෝටම ඕන දේකට උදව් කරනවා....ඒ නිසා හැමෝම හිතවත්....

ඒත් ඌරු පැටියා මගේනෙ....හැමෝම එයාව අතගානවට මං කැමති නෑ...

යෙහාර ඇතුලට ඇවිත් එයාට වෙන් වෙච්ච පුටුව පිටිපස්සට බෑග් එක දාලා ඉදගත්තා...මහන්සි ඇති...
මම එක්කන් එන්න හැදුවත්
එපාම කීව නිසා මම තනියම එන්න ඇරියා....
දැන් තේරෙනවා ඇතිනෙ....අමාරුව වැඩිවුණු පාර...

යෙහාර කියන්නෙ කටින් දෙයක් කීවට අහන මිනිහෙක් නෙවේ...එයාම මං එපා කීව දේ කරලා ඒක වරද්දගෙන හත්පොලේ ගාගත්තම තේරුම් ගන්න විදිහෙ මුරණ්ඩු කොල්ලෙක්.....

"කකුල රිදෙනවද චූටි මහත්තයගෙ...මම කීවනෙ එක්කන් යන්න එන්නං කියලා..."

"නෑ නෑ කකුල හොදයි..."

යෙහාරගෙ කටහඩ අමුතුයි....එයාට අමාරුයි ද...
මම බයවෙලා එයා ලගට ගිහින් ඔලුව හරවලා බැලුවා...නළලට අත තියලත් බැලුවා...
රස්නයක් නෑ...

ඒත් එයා සුදුමැලියි...

"යෙහාර...මොකද වුණේ...ඔලුව රිදෙනවද...අමාරුවක් තියෙනවද...."

එයා ඔලුව වැනුවා.....ඒත් එයා මං දිහා එකපාර බලලා අහක බලාගන්නවා.....
එයා අද නිශ්ශබ්දයිනෙ....ආව ගමන් මගේ ඇගේ වෙනදා වගේ එතෙන්න ආවෙත් නෑ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now