විසි එක්වෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

මම වචනයක්වත් නොකියම එයාගෙ පපුවට තුරුල් වුණා...

"ආයෙ ඔහොම මට මොනවාහරි නොකියා හිටියොත් සේරටම කලින් උඹට ගහන්නෙ මම...ඒක මතක තියාගන්න...අර පොඩි එකීට තියෙනවා උඹට වඩා හොද මොලයක්..."

එයා මට ටොක්කක් අනිද්දි මම උඩ බලලා රැව්වා...
යකෝ...මුකුත් නොකර සද්ද නැතුව  හිටියම මට අනින්නත් එනවා...

"එහෙනං නංගි එක්ක යාළුවෙන්න එපැයි...මං එක්ක යාළු වුණේ මොකද...මම මෝඩයිනෙ...හිතුවක්කාරයිනෙ..."

"අනේ උඹේ කටනං තියෙනවා මොනවා නැතත් ..
යැයි යැයි ගාගත්ත ගමන්මයි..."

එයා කාර් එකේ පිටිපස්සෙන් ගත්ත කොට්ටයක් කකුලට තියලා මාව පිටිපස්සෙ ශීට් එකේ හරහට ඉන්දවලා එයා බැහැලා ගිහින් ඉස්සරහින් නැංගා...

එයා ඩ්‍රයිව් කරන් යන්නෙ කටුගස්තොට පැත්තට කියලා දැකලා මම අයියට කතා කරා...

"මේ කොහෙද යන්නෙ....."

"මම රෙන්ට් එකට ගත්ත තැනක් තියෙනවා මහයියාවේ..එහෙට යන්නෙ.....ආයෙ අර ගෙදරට එක්ක යන්න බෑ........එහේ ඉන්න ඕනෙ නෑ ඔය කුඩු ගහන මිනිස්සු අස්සෙ...."

"අයියෙ....ඔයා කොහොමද එහෙම කියන්නෙ...ඒ අපේ ගෙදර.....අජිත් ආයෙ එන්නෙ නෑ....ඌට ඕනෙවුණේ ඌට සද්දෙ දැම්ම එකට පළි ගන්න විතරයි...ඌ බයයි ඊට වඩා දෙයක් කරන්න...නංගි බොරුවට බයවෙලා....මට බෑ වෙන කොහෙවත් යන්න"

"දැන් උඹට ඕනෙ හැමදාම එහෙට වෙලා ඉන්නද...උඹට නං උං පාරක් දෙකක් ගහලා අතාරියි...උඹ කොල්ලෙක්නෙ..ඒත් අර පොඩි එකීව අහුවුණොත් මොනවා කරයි කියලද හිතන්නේ....ඒ වගේ අණක් ගුණක් නැති උං එක්ක උඹ සටන් කරන්නද...."

අයියා හරි...ඒත් මට බෑ අයියගෙ තැනක ඉන්න...කොච්චර හිතුවත් මට බෑ එයාට ණය වෙන්න....එයයි මමයි ගැන ගෙදරට කියලවත් නැතුව.....

"මට බෑ අයියෙ..."

අයියා කණ්ණාඩියෙන් මං දිහා බැලුවෙ මාව දවලා අළු කරන බැල්මෙන්...

"හරි උඹට බෑනෙ....යංකො එහෙනං උඹලගෙ ගෙදර....විසදුමක් හොයාගන්නකං මං එහේ නවතිනවා...උඹටනෙ බැරි මං ලග ඉන්න...මං එන්නං උඹ ළගට බින්න බහින්න...මට රෑට නින්ද යන්නෑ උඹ හොදින් කියලා දැනගන්නකං...එහෙව් මටනෙ උඹ කියන්නෙ අර කුඩුකාරයො ගොඩට උඹව අතෑරලා දාලා යන්න කියලා.. "

පතොක් මල්🌵✔️Where stories live. Discover now