විසිවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

හම්මේ...මේකගෙ සැර දැන්..

"Oyage yaluwa...inziya.."

"aaaa...akka nan kamak na..."

මම ෆෝන් එක දිහා බලන් හිනාවෙනවා දැකලද කොහෙද ඉන්සියා ඇහිබැමක් උස්සලා බැලුවා...
ඒත් මුකුත් ඇහුවෙ නෑ.....

"මේ දවස් ටිකේ හරිම අපහසු ගතියක් දැනෙනවා.....ළගදි ඉදන් මම ආයෙත් බෙහෙත් බොනවා...

ඉන්සියාගෙ මූණ ටිකක් දුක්බර වුණාද මන්දා...

"ඔයාට අවුලක් දැනුනොත් මට කියන්න ශෙනාල්...හරිද....ඔයාගෙ ඩොක්ටර් නූනට මට යාළුවෙක් විදිහට උදව් කරන්න පුලුවන්නෙ..."

මම ඔලුව වැනුවා...

ඉන්සියා මං දිහා බලන් ඉන්න වෙලාව වැඩිද මන්දා....

අපෙ ජූස් දෙක ආවා.....ටික වෙලාවක් ඕපදූප ගැනත් කතා කරා...

"කෝ ඉතිං , ශෙනාල් මැරි කරන්න යනවා කීවට ගර්ල් ගැන මුකුත්ම කීවෙ නෑනෙ,එයාට නේද ඔය චැට් කරන්නෙ..."

"මම?? නුගාරාට...??  නෑ නෑ මේ වෙන යාළුවෙක්ට..."

මම යෙහාරව යාළුවෙක් විදිහට හදුන්වන්න කැමති නෑ....ඒත් දැන්මම මේ දේවල් එළිකරන්නත් බෑ.....

ඉන්සියායි මමයි ටික වෙලාවකින් කැෆේ එකෙන් පිටත් වුණා...

මම විනාඩි දහයකින් ගෙදර ආවා....
මම ගෙදර එනකොට දේවාන්‍ය ලැප් එකකුත් තියාගෙන සාලේ ඉන්නවා..

ඌ හිටියා කියලා මං හැංගෙන්නයෑ....
මොකද මේක ඌට ගිය ගෙදරයෑ..
මමත් සාලෙ ඉදගත්තා....

තාත්තගෙ හොරවැඩ ටිකක් මෙයාගෙන් අල්ලගන්න පුලුවන් වෙයිද?? එහෙම නැත්තං මෙයත් හැංගිලා වැඩ කරන්න දක්ෂ මාෆියා කල්ලියක කට්ට කෛරාටික වැඩකාරයෙක්ද?

"දේවාන්‍ය තාම වැඩ ඉවර නැද්ද..."

"දැන් ඉවරයි සර්, මේ පොඩි වැඩක්..මම සුමිත් සර් එනකං ඉන්නෙ පොඩි වැඩකට එළියට යන්න..."

"ඒක නෙවෙයි දේවාන්‍ය....ඔයා බටනලා පිඹින්න ඉගෙනගත්තෙ කාගෙන්ද...???"

ආ...මමමයි ඉගෙනගත්තෙ....
ඒක මාව සන්සුන් කරනවා.....ජීවිතේ සිද්ධ වෙන්නෙ අපි නොහිතන දේවල්...අපි විනෝදාංශයක් හොයාගත්තම ඒ හැම තිස්සෙම මතක් වෙන අදුරු මතක වලින් ඈත් වෙන්න පුලුවන්....

පතොක් මල්🌵✔️Where stories live. Discover now