එකාතකට මම මේ දුක් වෙන්නෙ හේතුවක් නැතුව....මම කවදාවත් සයුරිට මගෙ හැඟීමක් කියල නෑ...මට එහෙම කියන්න ඕනි කියල හිතිලත් නෑ....මන්දන්නෑ....මට තේරෙන්නෑ....සමහරවිට මම සයුරිට ආදරේ නැද්ද දන්නෙත් නෑ....ආදරේ කියන්නෙ මොනවගේ හැඟීමක්ද කියන්නවත් මම හරියට දන්නෙ නෑ....

මම සයුරිට ආදරේ කරාම කියමු....ඒත් මාමලා එයාලගෙ එකම දුවව අම්මා අප්පා නැති හරි හමන් දේපලක් නැති ඒ ගොල්ලොන්ගෙම්ම යැපෙන ගමන් ඉන්න මට දෙයිද....නෑනෙ....මේක නිකම්ම නිකම්ම පුහු හීනයක්....තනිකරම විකාරයක්....ඒත් ඕනිම මනුස්සයක්ගෙ ජීවිතේ මොකක්ම හරි විකාරයක් තියෙනවනෙ....ඉතිං මේක තමයි මගෙ ජීවිතේ විකාරෙ....ඒකත් තව උපරිම මාසයක් දෙකක් තියෙයි....අර අයියා ඇවිත් සයුරිව අරන් ගියාට පස්සෙ ඒකත් ඉවරයි....

ගෙවලයා ගෙවලයා කිය කිය බැන්නට හිතට එකඟව කතා කරොත් ඇත්තටම ඒ මනුස්සයාගෙ කිසිම වරදක් නෑ....අපේ සයුරිට හොඳටම ගැලපෙනවා....රූපෙන් පෞර්ෂයෙන් හැමදේකින්ම අඩුවක් නැති කොල්ලෙක් අශේල්  කියන්නෙ.....ඉතිං මට පුලුවන් සතුටු වෙන්න....සයුරිට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බෙනවා....

මටම කියල මවපු කෙනත් ලෝකෙ කොහෙ හරි ඇති....සමහරවිට මේ දැන් කොහෙ හරි ඉදන් මා දිහා බලා ඉන්නවද දන්නෙත් නෑ....

වෙලාවකට මට හිතෙනව මට පිස්සු කියල....මම කරන්නෙම පිස්සු නටන එක....එකේක විකාර හිතන එක....පුලුවන් තරන් විනෝදෙන් ඉන්න බලන එක....සයුරි මගෙ කියල හිතන් නටන පිස්සුවත් ඒ වගේම එකක් තමයි....එහෙම කරල මම බලාපොරොත්තු වෙන්නෙ මට දැනෙන මහ හිස්කම පාළුව නැති කරගන්න එක....මම කැමති නෑ කොයි වෙලේකවත් තනිවෙන්න....මම තනිවෙනවනම් ඒ මේ මුහුද ළඟ විතරයි....මට වෙලාවකට මහන්සියි මගෙ වේදනාව තනිකම හංඟන් ඉඳලා....මට කෑගහලා කාට හරි කියන්න ඕනි මට හරි පාලුයි කියල.....මම ඒක මුහුද එක්ක කියනවා....ඒත් මට හිතන තරම් සැනසීමක් ඒකෙන් දැනෙන්නෙ නෑ....

මම මුහුද දිහා බලන් තාත්තට කතා කරනවා...එයා ඉන්නෙ මේ මුහුදෙන් එහානෙ....එකම එක පාරක් මාව බලන්න එන්න...මාව තුරුල්කරගන්න....පුතේ කියල කතා කරන්න....කවුරු නැතත් ඔයාට තාත්තා ඉන්නවා කියන්න....ඒත් එයා කවදාවත් එන්නෙ නෑ...මමත් ආසයි කාටහරි තාත්තෙ කියල කතා කරන්න.....ඒත් මට ලැබුනෙ මාමෙක් විතරයි....මාමා මට ආදරෙයි....ඒත් මාමාට බෑ මගෙ තාත්තා වෙන්න....නැන්දට බෑ මගෙ අම්මා වෙන්න....

මුහුදට ආවම මගෙ හිත අයාලෙ යනවා....මම ඔහේ කල්පනා කරනවා....අද කියලත් වෙනසක් නෑ....අදත් ඒක එහෙමම තමයි....මම ප්‍රාර්තනා කරනවා මට කියල මවපු කෙනා ඉක්මනට මගේ ගාවට එවන්න කියල....මට තනියෙන් හිටියා ඇති දැන්....මගේම කියන්න කෙනෙක් මට ඕනි....මට විතරක් අයිතිය කියන්න කෙනෙක් මට ඕනි....එහෙම කෙනෙක් ආව දාට මම තදකරල අල්ලගන්නවා මගෙන් ඈතට පොඩ්ඩක්වත් යන්න බැරි වෙන්න....

"හේයි..."





𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹




ඔයාලට මේ නිවේන්ව තේරෙනවද....

ආශුWhere stories live. Discover now