තමාලයත් අහස වගේ උදේට එකයි රෑට එකයි තියාගනීද..අඩෝ අඩො සෙල්ලමක් නෙමෙ මේක..අයියලා දෙන්නගේ පැත්තෙන් කොහොමද කියන්න දන්නැ ඉතිම්..එත් තමාලයනම් හොදටම ස්ට්‍රෙස් වෙලා මෙ ප්‍රශ්නේ නිසා..උගෙ  වෙනස මට හොදට දැනුනා..බලාගත්ත අතෙ වෙලාවකට බලාගෙන ඉද්දි..තවත් වෙලාවකට ඔනාවටත් වඩා හිනාවුනා..අනිත් අය ඉස්සරහා හිනාවෙලා කතාකරලා හොදින් වගෙ ඉදියට කාමරේ බිත්ති හතරෙ සීමාවට පය ගැහුව ගමන් එයා කඩන් වැටෙනවා..

අන්තිමට මට තමාලයාගෙ චරිතෙ රගදක්වන්න වුනා උගෙ ඇත්තම හිනාව ගේන්න..ඕනැම ප්‍රශ්නෙකට මුහුනදීලා  හිනාවෙලා සතුටෙන් ඉන්න බලන මිනිස්සුත් කඩන්වැටෙන වෙලාවක් එනවා..තමාලයගෙ මෙ වෙනස යසස් අයියට වඩා නුරාග් අයියට හොදටම දැනෙන්න ගත්තා..මන් නැතිවෙලාවල ඒ දෙන්නා හම්බෙලා කතා කරපු අවස්තාත් තියෙන්න ඇතී..ඒකනෙ ඉතිම් තමාල්ට මෙච්චරටම නුරාග් අයියව හිතට වැදුනේ..මන් දන්නෙ ඌ මට කියපුවයි මන් ඉද්දි වුන දේවලුයි විතරයි ඉතිම්..

තමාලයගෙ මූඩ් එක හදන්න ඕනි නිසාමයි අපි අද කතාවෙලා එලියට ආවෙ..සමහර විට නුරාග් අයියා අද තීරනයක් ගනී..එක මොනවගේ තීරනයක් වෙයිද කියලා දන්නෙ තමාල්ම විතරයි..එ දෙන්නට වෙනම ඉන්න දිලා අපි ටිකක් මෙහාට ඇවිල්ලා බිමින් වාඩිවුනා..ආපු ගමන් ඉතිම් වාඩිවුනේ නැහැ..පිස්සා වගේ රැල්ල පාගලා මොන්ඩිසෝරි එකා වගෙ සිප්පිකටු ඇහින්දා..මන් සිප්පි කටු ඇහිදිනකොට මගෙ පස්සෙ  මන් එකතු කරන එව්වා තියාගෙන එයත් ආවා..ආපු වෙලේ ඉදන් කියෙව්වෙ මන් විතරයි..එයා කරන්නෙ අහන් ඉන්න එක..

කලුවර වැටෙනකම්ම එතන ඉදලා අපි ආයෙ එන්න ආවා අර දෙන්නව බලන්න..තමාලයා දැන් අඩලා ඇතිද..නැත්තම් නුරාග් අයියා කම්මුල් පාරක් වගේ කාලා ඇතිද දන්නෑ...අපි යද්දි එ දෙන්නාත් අපෙ පැත්තට ඇවිදන් ආවා..එ හරියෙ තිබුන රෙස්ටුරන්ට් එකට ගියහමයි තමාලයගෙ ඇස් රතුවෙලා තියෙනවා දැක්කේ..

"ඒහ් මොකද වුනේ..කියපන්කෝ.."

"මුකුත් නැ බන්..පස්සෙ කියන්නම්.."

"වස්තූ සීෆුඩ් රයිස් ඕකේද."

"හා අයියේ ඒක හොදයි.."

දෑගිලි ✔( complete )✨Tempat cerita menjadi hidup. Temukan sekarang