Chapter 41

911 115 35
                                    

බිමට නැමි ඉති
ඉද්ද මල් මැද
ඉවරයක් නැති
කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා
මා ළග........

නුබට ඉන්නට තිබුනා මා ලග....
ඔයා අද ඉදියනම්....එහෙනම් මේ ප්‍රශ්න මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා..මේ ගෙවෙන්නෙ මට ඔයාව ඕනෙම කාලෙ අයියේ...මට හරි මහන්සී..මන් දුක් වින්දා මදිද..මීට වඩානම් කොහෙත්ම බෑ අයියේ..මන් මොකද්ද කරපු වැරැද්ද මෙච්චරටම දුක් විදින්න..ඔයාව මතක් නොවී ගෙවුන මොහොතක් නෑ..ඔයා කොහෙද..ඇත්තටම ඔයාට මාව එපා වෙලාද........

අද ආෆ්ටර් ස්කූල් ක්ලාස් එකක්  කරන්න වෙන නිසා ගෙදර යද්දි පහවත් පහුවෙයි..පටන් ගන්න කලියෙන්ම පැය බාගෙක ඉන්ටවල් එකක් දුන්න හින්දා ලමයින්ට කන්න කියලා ස්කූල් එක පිටිපස්සෙ තීන පොන්ඩ් එක ගාවට වෙලා ටිකක් හාන්සිවෙලා හිත නිදහස් කරගන්න ඕනි වුනාම වෙන්දා වගේ අදත් හොදම බෙහෙත අරගත්තා..ඒත් ඒවයෙ තියෙන පදයක් ගානෙම කියවෙන්නෙ වේදනාවක් ගැන වෙන කොට  ඒක බෙහෙතක් නොවි මගෙ හිතට තවත් එක විස කටුවක් වගේ ඇනෙන්න ගන්නවා..මන් ඒ විසට ඇබ්බැහිවෙලා..මට ඕනිම විරහා වේදනාවල් අහන්න..මට ඕනිම එයා මන් ලග නැ කියලා මතක් කර කර දුක් වෙන්නෙ..සමහර විට මට පිස්සු වගෙ ඇතී..මන් දන්නෑ..අවසානෙ මට ඉතිරි මෙච්චරයි..වේදනා පිරි මතක පිරුනු විරහව..

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ
අපේ හමුවීම නොවේ

මගේ කඳුළු හංගා මා
සිනාසිසි ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනා සේවා.
ඒ විරහව ප්‍රේමයෙන් නාමයෙන් විඳගන්නා හැටිය.

ඒ විරහව ප්‍රේමයෙන් නාමයෙන් විඳගන්නා හැටිය

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
දෑගිලි ✔( complete )✨Opowieści tętniące życiem. Odkryj je teraz