දාසයවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

මම ගෙදර එද්දි මාව පිලිගන්න එන්නෙ එලී බබා විතරයි...එයාට සතුටුයි මම ආවම....
වැඩට ඉන්න අය පුරුදු වෙලා තියෙන්නෙ තාත්තා කැමති විදිහට නිශ්ශබ්දව හැංගිලා වගේ ඉන්න...

ඉතින් මම ගෙදර ඇවිත් එලී බබා එක්ක ටිකක් ඉදලා වොෂ් එකක් දාගෙන ආවා..
ඇවිත් පහළට ගිහින් මේසෙ උඩ තියලා තිබ්බ අද ආව ලියුම් ටිකත් උඩට ගෙනාවා...මුලින්ම බිල් දෙකක්...ටෙලිෆෝන් බිලක්...ඊට පස්සේ තිබුණේ අතින් ඇඩ්‍රස් එක ලීව ලියුමක්....මගේ නමට...

මම කුතුහලය නිසාම කඩලා බැලුවා...
ඇතුලෙ තිබුණේ නවපු කඩදාසියක්.

මම ඒ කඩදාසිය දිග හැරියා..

ඔබ නොදන්නා දේ බොහෝ ඇත...
නමුත් ඒ සියල්ල මා දන්නා බව අමතක නොකරන්න...
අදුරේ අතපත ගාන්නන්ට ආලෝකය නොපෙනෙන බව සිහි තබාගන්න....
මරණයට නියමිත තැනැත්තාගේ නිහඩ මරුවා සපැමිණෙන තුරු කිසිවක් නොකර බලාහිදින්න....
දෛවය තීරණය කරන්නාට බාධා නොකරන්න...
ඔබත් මමත් එකම ඉරණමකට ගොදුරුවූවන් බව පමණක් මතක තබාගන්න....

ගණකම් සුදු පාට කොලයක රතු තීන්තෙන් ලියලා තිබුණ දේ මම ආයෙ ආයෙ කියෙව්වා...
ලියුම එක්ක තිබුණේ හාරත 1 පෙන්නන කාඩ් එකක් එක්කම අවුරුදු ගාණක් පරණ පත්තරයක්....

2007??
ඒ පත්තරේ දැක්කම මගේ අත් වෙවුලන්න ගත්තා......
'අනතුරක්ද?? ඝාතනයක්ද??
ඒ පත්තරේ තිබුණ හෙඩ්ලයින් එක ඒක....

ඒත් ඇයි කවියක්???
කාගෙ හරි විහිලුවක්ද??
නැත්තං ඉගියක්ද??
මේ මොකද්ද???
මොනවද මේ වෙන්නෙ??
මම නොදන්න මොකක් හරි දෙයක් වෙනවා....
අවුරුදු ගාණකට පස්සෙ ඇයි මේ හැමදේම එළියට ඇදෙන්නෙ??

මම පත්තරේ තියලා නැගිට්ටා.....
මේතාක් කාලෙකට මම නොහිතපු දෙයක්...මොකද මම ඔය සම්බන්ධ පත්තරයක්වත් බැලුවෙ නෑ...මට ඕනෙ වුණේ අමතක කරන්න විතරයි...
ඒත් මම දැන් ඉස්සර හිටිය පොඩි ළමයා නෙවෙයි...
ඒක අනතුරක් නෙවෙයිද???
ඒක මිනීමැරුමක්ද??
ඒත් ඇයි??? හේතුව මොකද්ද??
මේක එව්වෙ කවුද?? ඇයි ඒ කෙනා මේවා හොයන්නෙ???

හරිනං මට ලොකු වේදනාවක් දැනෙන්න ඕනෙ....ඒත් මට දැනුනෙ මහ හිස්කමක් .....කාලෙත් එක්ක මගේ හැගීම් ගල්වෙලා....
මගේ වේදනාව අස්සක හිරවෙලා....
තවදුරටත් ඒවගෙන් මට වේදනාවක් දැනෙන්නෑ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now