199 17 9
                                    

ආදරණීය Nate,

ඔයාට තියෙන්නෙ හරි ලස්සන නමක් Nate. ඒකෙ තේරුම දෙවියන්ගෙන් ලද තෑග්ග, එහෙම නේද?

මම Clyde. තේරුම නම් දන්නෙ නෑ මම. හොයන්න උවමනාවක් ඇත්තෙත් නැහැ.

කොහෙන්දෝ මන්දා මට ඔයාගෙ නම ඇහුණා. එතනදි ආවේ මහ විකාර අදහසක් Nate. මම හිතුවෙ ඔයාට ලියන්න. දන්නෙ නෑ ඔයා කියවයිද කියලවත්. ඒත් හදවත ඇතුලෙ හිර කරන් ඉන්න දේවල් මට ඔයාට ලියන්න හිතුණා.

මේ ලියුම් ඔයාට ලැබෙන්නෙත් නැති වේවි. මම පන්ති යන ගමන් මේ ලියන හැම ලියුමක්ම ටවුන් එක මැදින් ගලං යන ගඟට දානවා. ඒනිසා ඔයා බයවෙන්න එපා. මොකද මේවා කවදාවත් අයිතිකාරයා හොයන් යන ලියුම් නෙමෙයි. වතුරේ පෙඟිලා ගං පතුලක හිර වෙන්න යන ලියුම්.

හදිසියෙවත් ඔයාට මේ විකාර ලියුමක් ලැබණොත් කියවන්න. නැත්තං ආපහු ගඟටම දාන්න මුහුද හොයන් යන්න කියලා.

ඔයා මොනවා කලත් මම තරහ නෑ Nate.

මීට,
නන්නාදුනන
Clyde.

From Clyde to NateWhere stories live. Discover now