දාහතරවෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

"හ්ම්"

මං ෆෝන් එක තියන්න යද්දිම ආයෙ නංගි කතා කරා...

"මේ..අයියේ...මං මෙහෙම කියන එක හරිද දන්නෑ...ඔයා එයාගෙ ළග යාළුවෙක් නිසා කියන්නෙ මං....පහුගිය දවස් දෙකේම අයියා ඉන්නෙ මොකද්දෝ ලොකු දුකකින්...එයා අම්මයි මායි ඉස්සරහයි හිනාවෙලා ඉන්නවා...ඒත් එයා රෑට අඩනවා....මට අහන්නත් බෑ....එයා කැමති නෑ අපි එයාගෙ දුර්වලකම් දැනගන්නවට....එයත් කොල්ලෙක්නෙ...ඒත් මට එයා ගැන දුකයි...කෙල්ලෙක්ගෙ කේස් එකක්ද කියලත් හිතෙනවා...අයියා මොනාහරි දන්නවද ඒ ගැන"

නංගි එහෙම කියද්දි මට උත්තර නැතිවුණා....
ඒ අඩන්නෙ මං හින්දා කියලා කියන්න මට පුලුවන්ද...??

"පොඩි අවුල් ටිකක් නං වුණා....එයා එක්ක ඉන්න නංගි, මට ඔයාගෙ නම්බර් එකත් දෙන්න...හදිස්සියකට කතා කරන්නත් පුලුවන්නෙ..."

"ආ හරි අයියේ....මම මෙහෙම කීවා කියලා අපේ අයියට නං කියන්න එපා..මාව උස්සලා පොලේ ගහයි..."

"අම්මෝ ඔව්, එයාගෙ හැටි හොදටම දන්නවා...තියන්නං නංගි"

මම නංගිගෙ නම්බර් එකත් ඉල්ලගෙන ෆෝන් එක තිබ්බෙ හිත බර වෙලා යද්දි.....

දුක් වෙනකොට අඩුමගාණේ පිටට පෙනෙන්න දුක් වෙන මිනිස්සුන්ව සනසන්න පුලුවන්......
ඒත් පිටට පිළිමයක් වෙලා ඇතුලෙන් දුක්වෙන කෙනෙක්ව කොහොමද සනසන්නේ....

යෙහාරගෙයි මගෙයි කොච්චර වෙනස්කම් තිබුණත් එතනින් අපි එක වගේ....
අපි දෙන්නම දුක හංගගෙන පිටට වෙස්මූණක් දාගෙන ඉන්න මිනිස්සු..

හරියට කාටවත් ළං වෙන්න බැරිවෙන්න , බදාගන්න බැරිවෙන්න කටු විහිදගෙන ඉන්න පතොක් ගස් දෙකක් වගේ.....

ඒත් මට සිද්ධ වෙනවා එයාව බදාගන්න...කටු ඇනුනත් බදාගන්න...
මගේ වැරදි හරිගස්සන්න..
අනාගතේදි මොකක්වුණත් මගේ හැගීම් එයාට කියන්න....

මම ඕවා හිත හිතම රොවේන් එක්ක කාලා ගෙදර යන්න කාර් එකට නැග්ගා...රෑ දොලහ පහුවෙලා...
ඒත් ගෙදර යන්න ඕනේ...මොකද මට හෙටට ඕනෙ ෆයිල්ස් වගයක් තියෙන්නෙ ගෙදර....

දොලහ පහුවෙලා නිසා පාරේ බලු බල්ලෙක් නෑ.....
නුවර වෙන නගර වගේ නෙවේ.... මෙහේ නිශාචරයො ඉන්නෙ රෑ දොලහා පහුවෙනකං විතරයි......
මෙහේ හැමෝම රෑ වෙද්දි ගෙවල් වලට වැදිලා නිදියනවා මිස රාත්‍රී ජීවිතේට ලොකු සම්මාදමක් නෑ..

පතොක් මල්🌵✔️Where stories live. Discover now