දොලොස් වෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

ඔව්....ඒ සහෝදර ප්‍රේමය වගේ ලබ්බක් නෙවෙයි....
ඒකට කියන්නෙ ආදරය...
එයා මගේ ...
මට එයාව ඕනේ.....

ඒත්....තාත්තා කවදාවත් මගේ පැත්තෙන් හිතන එකක් නෑ...
එයාට ආදරය, සම්බන්ධතා කියන්නෙ තේරුම් ගන්න අමාරු දෙයක්...
ඒ එක්කම කෙවින් අංකල්....

යෙහාරට ළං වෙලා මම ඒ අසරණයට බලාපොරොත්තු දුන්නා...
මට එයාට ළං වෙන්න බෑ කියලා දැන දැනත්....

මම මහ ආත්මාර්ථකාමියෙක්....
මම කොහොමත් එහෙම තමා...
ඉස්සර ඉදලම මම එහෙම තමා...
මම මම ආදරේ කරන ,කරපු හැමෝටම කරේ රිද්දන එක....

"....ඊට පස්සේ චතූයි මමයි අර ඉස්සෙල්ලා බලපු ෂූස් දෙක ගත්තා...හා හා හා...ඒක මරු නේ..
"
නුගාරා පැත්තක ඉදන් කියවනවා..

"ම්හ්..." මම උත්තර දෙනවා..

මම නුගාරා කීවෙ මොකද්ද කියලා හරියට නොදැනම කාර් එක ගේට් එකෙන් ඇතුලට දැම්මා...

කාර් එක නැවැත්තුවම මම ඉක්මනට බැහැලා ගියා......
මම බහිනකොටම එක පාරටම හුලගක් ආවා.....
අද හුලග තදයි වගේ ටිකක්.....

"ශෙනූ අයියේ...ඇයි මෙච්චර සීතල...."

"ගස් නිසා මේ...."

මම එහෙම කීවත් හදිස්සියේම මටත් අමුත්තක් දැනුනා මේ වටාපිටාවේ...
වෙනදා මේ වටේට හරිම නිහඩයි..
ඒත් අද හුළගට ඇරපු ජනෙල් පියනක් ජනේලෙක වැදුණා......
වහල උඩින් කොල ගොඩක් බිමට ආවා.......
සියඹලා ගහ සර සර ගගා කොල හෙවුණා...
ඔංචිල්ලා දෙක වේගෙන් එහෙමෙහෙ පැද්දුණා..
නිකං මුලු ගෙදරටම තරහා ගිහින් වගේ....
මට විකාර පේනවද කොහෙද...

"සීතලයි අනේ....මාව තුරුලු කරගන්නකෝ..."

නුගාරා මං ලගට දුවන් ඇවිත් අතේ එල්ලෙනකොටම එයාව ගලක හැප්පිලා වැටෙන්න ගියා...

"පරිස්සමෙන්...."

මං එයාට එහෙම කිව්වත් උදව් කරන්න ගියේ නෑ...
සාක්කු දෙකට අත් දෙක දාගෙන ඇතුලට ගියා...

නුගාරාට මගේ මේ හැසිරීම හුරුයි....
එයාට හම්බවෙන්නෙ මේ වගේ හස්බන්ඩ් කෙනෙක් තමයි....

මේ ලෝකේ මට ආදරණීය වෙන්න පුලුවන් එකම එක්කෙනෙක් වෙනුවෙන් විතරයි...
එයාට මං නිසාම රිදිලා තියෙනකොට මේ හැමෝටම රිද්දන එක මට මහ දෙයක් නෙවේ....

පතොක් මල්🌵✔️Where stories live. Discover now