එකොලොස් වෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

ඒ නැතත් මගේ හිතුවක්කාර හිත පිස්සු නැටුවට සර්ට මම නිකම්ම රිකී වෙන්න ඇති...

එයා ගැන මම හිතුවට වඩා එයා සංකීර්ණ කෙනෙක්....
ඊයෙ වෙනකං මම හිතන් හිටියෙ එයා මැනේජර් කෙනෙක් කියලා....
ඒත් එයා ලොකු සර්ගෙ පුතාලු ..

මට තාමත් ඒක හරියටම ඔලුවට ගියේ නෑ...
එතකොට සර් මොකටද මැනේජර් කෙනෙක් වුණේ???
අනාගත ලොකු සර් එතකොට මානකොකාද??

අඩුමගාණේ ඉස්කෝලෙ ළමා සමිතියකවත් සභාපති වෙලා නැති මම ලොකු සමාගමක සභාපති කෙනෙක් වෙන එක මොන වගේද කියලා කොහොමටවත් දන්නෑ.....

මම නිදාගත්තා....

පහුවෙනිදා අපි උදේම ඇහැරලා කාලා බීලා යන්න පිටත් වුණා...

සර්ට ඕනෙ වුණා ඩ්‍රයිව් කරන්න..
එහෙනං මාව එක්කගෙන ආවෙ වෙල්ලවැහුම් හදන්නද...
මේ මනුස්සයම තමා දන්නෙ

එයා මහ අමුතු මනුස්සයෙක්...රහස් ගොඩක් හංගගත්ත ඒවා එළි කරන්න අකමැති මනුස්සයෙක්....
සමහර වෙලාවට මට හිතෙනවා එයා ගොඩක් ලොකු වේදනාවක් හිත අස්සෙ හිරකරගත්තු කෙනෙක්දෝ කියලා....

පිටින් බලලා අපි හිතුවට සල්ලි තියෙනවනං හැමදේම හරි කියලා 
එයාලගෙ ලෝකෙත් අපි නොදන්න ප්‍රශ්න ඇතිනෙ...

"යෙහාර මොනවද කල්පනා කරන්නෙ..."

"මුකුත් නෑ සර්...

එයා මං දිහා බලලා හිනාවුණා...

ඒ හිනාව එයා හැමෝටම පෙන්නන හිනාව නෙවෙයි...ඒක විශේෂ හිනාවක්.....
එයාට මාව විශේෂ ඇත්ද??
එයාගෙ ඇස් වලින් කියන සමහර දේවල් මට එක එක දේවල් හිතවනවා..ඒත් ඒ හැමදේම මොනවද කියලා හරියට අදුනගන්න බැරි නිසා මම අසරණ වෙනවා...

"බඩගිනියි නං මොනවාහරි අරන් කන්න...ඔය ලාච්චුවේ ස්නැක්ස් තියෙනවා..."

මම ඒක පීරලා බලද්දි එක එක ජතියේ ටොෆී, චොකලට් ගොඩක් තිබුණා...
ඒත් මගේ අත ඇදිලා ගියේ කැන්ඩොස් වයිට් චොක්ලට් එකකට.
අර එදා හම්බුණ චොකලට් එකේ බ්‍රෑන්ඩ් එකමයි....

"සර්ටත් දෙන්නද??"

"එපා , මං ඕවා කන්නෑ.."

මම චොකලට් එක කඩලා කෑල්ලක් කෑවා...මම ආසයි වයිට් චොකලට් වලට...පොඩි කාලෙ ඉදන්ම...

පතොක් මල්🌵✔️Where stories live. Discover now