තුන්වෙනි ඉඩෝරය🌵

Start from the beginning
                                    

මිනෝලි මිස් කියද්දි මම ඔලුව වැනුවා...
ඉතිං ඌ හැන්ඩි කියලා මං මක්කරන්නද...මං ඌව කසාද බදින්ඩයෑ....මිනෝලි මිස්ටත් කොල්ලෙක් ඉන්නවා හැබැයි ඔය මෙයා ගැන ඇහුවට......

මගෙන් හරියට උත්තරයක් නෑ කියලා මෙයාලා කවදාවත් සැලෙන්නෙ නං නෑ.....දිගටම ඕපදූපෙ කියවනවා..

"මැනේජර් අයියා ආව ගමන්ම වැඩ පටන් අරන්, අස් කරනවා අන්න ...ඔක්කොමලා එහෙමනෙ..හැබැයි ටික දවසකින් එපාවෙයි...පේනවනෙ සුනිමල්ලගෙ තාලේ...උණ පුරුකෙ දැම්මත් සුනිමල්ගෙ වලිගෙ නං ඇද අරින්න බෑ...."

මිනෝලි මිස් අත දික්කරලා පෙන්නලා හිනාවුණේ මිස්ටර් සුනිමල්ගෙ මේසෙ පෙන්නලා....

අතක් නිකට යටිනුත් තියාගෙන උදේ දහයටත් මිස්ටර් සුනිමල් ගොරෝ ගොරෝ නිදි.....
මිස්ලා එයාට කියන්නෙ නිදිකුමාර කියලා.....

ඇහැරලා ඉන්න වෙලාවට හොද මනුස්සයා හැබැයි...
කැන්ටිමෙන් කන්න ගත්තම මටත් ඉදහිට තල අලුවා කෑල්ලක්, පැණි වළල්ලක් එහෙම ගෙනත් දෙනවා...
කාටවත් පැණි හලන්නෑ...
එයාගෙ පරණ පූජිත ප්‍රේමය සවින්දි මිස් විතරයි....
වැඩේ කියන්නෙ පොර කෙල්ල සෙට් කරගන්න ට්‍රයි කරනවට වඩා කරන්නෙ නිදියන එක...
ඉතිං හරියයිද මං අහන්නෙ...

මැනේජර් කාරයා මොනවගේද බලන්න ඔලුව දාන්නත් ඕනෙ.....
ආඩම්බරේට හිටියට රිකියටත් උනන්දුවක් ඇවිත් තියෙන්නෙ....
අර මිනෝලි මිස් කිව්වත් වගේ හැන්ඩිද දන්නෑනෙ......

ඒත් එහෙමයි කියලා මං මක් කරන්නද....
මං කොල්ලෙක්නෙ....
අනික ඉතිං ඔය මැනේජර්ලට ගොට්ට අල්ලනවා වගේ කම්මැලි වැඩ  කරන්න නං මං ආසත් නෑ...

මම ඉතිං ඕවා හිත හිතම එහෙමෙහෙ දාලා තිබ්බ කඩදාසි එකතු කරලා ඩස්බින් දැම්මා...මෙයාලත් හරියට පොඩි උං වගේ..

මැනේජර්ගෙ රූම් එකේ දොර ඇරුණා මට ළාවට ඇස් කොණට පෙනෙද්දි මමත් උඩ බැලුවා....

දොර ගාවින් මූණක් එබුණා...
එයා සබ්මැරීන් එකක දුරේක්ෂයක් වගේ වටේට ඇහැ දැම්මා.....

මුන්නක්කරේ සංසාරේ!!!....
මේ ඉන්නෙ අර උදේ මම ඇමතුව අංකල්නෙ හත්තික්කේ...
හප්පච්චියේ දැන් ඉතිං මූණ පෙන්නන්නෙ කොහොමද??
උඹ නං කරොත් කරන්නෙ ඔය වගේ ගොන්ත වැඩක්මනෙ රිකියෝ...
මටම ටොක්කක් ඇනගන්න හිතුණා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now