කිසිම අදහසක් නැතිව රූම් එකට ගියත් මොකද ඇඳේ හිටපු කෙනාව දකිද්දි ඇත්තටම ජියොන්ව එකතැන නතර වුනා.ටේටේ කවදාවත් මේ කොල්ලට කැමැත්තක් දැක්වුවෙ නෑ කියලා ජියොන් හොදටම දන්නවා.ටේහ්‍යුන්ග්ට එයාව පෙන්නන්න බෑ කියලා ජියොන් දන්නෙ අදක ඊයෙක ඉඳලා නෙවෙයි.

ඒ එක්කම ජියොන්ගෙ මතකෙ විසිරිලා ගියේ මීට අවුරුදු කීපෙකට කලින් මිස්ටර් පාක් එහෙමත් නැත්නම් තමන්ගෙ පලවෙනි බිස්නස් පාට්නර් ළගට.දෙන්නම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් හොද යාලුවො.පස්සෙ කාලෙ දෙන්න පාට්නර්ස්ලා වෙනවත් එක්කම දෙන්නම බිස්නස් වැඩවලින් ගොඩක් කිට්ටු වෙන්න වුනා.දෙන්නම හොද පාට්නස්ල විතරක් නෙවෙයි,ඒ සම්බන්ධයට යටින් ගලාගෙන ගිය සයිඩ් ස්ටෝරි එකකුත් තිබ්බා.

ඇත්තටම මේ දෙන්නා ෆෙන්ඩ්ස් විත් බෙනිෆිට් ආශ්‍රය කරපු දෙන්නෙක්.ඒක සිද්ධ වුනේ මේ දෙන්නම Gay කියලා දෙන්නට දෙන්න අදුන ගත්ත දවසෙ ඉදන්.ඇත්තටම පිරිමි හොද නැද්ද ගෑනියෙක්ටම නැතුව පිරිමියෙක්ටම ආදරේ කරන්න? මේ දෙන්න තීරණය කලා බෙඩ්ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්න. එයාලට එයාලව තේරුම් අරං එයාලගෙම ජීවිතයක් පටන් ගන්න කියලා හිතං දෙන්න නිල නොවන විදියට සම්බන්ධයක පැටලුනා.

ඉතින් එෆෙයා එකකට නොයා කාලයක් ආශ්‍රය කරපු දෙන්නගෙ ඒ සම්බන්ධය ලව් එෆෙයා එකකට පෙරලෙන්න කලින්ම මිස්ටර් පාක් අතින් ජියොන්ගෙ විශ්වාසය පලුදු වුනා.ජියොන්ට හිටිය ලොකුම බිස්නස් එනිමි වුන මිස්ටර් මින් එක්ක ඒ වෙනකොටත් පාර්ක් සම්බන්ධයක් පටන් අරං විතරක් නෙවෙයි,ජියොන්ගෙ බිස්නස් සම්බන්ධ ගොඩක් බංකොලොත් වෙන ජාතියෙ වැඩවලට පාර්ක් මිස්ටර් මින් එක්ක සම්බන්ධ වෙලා කියලා ජියොන් දැනගත්තා.එයාට ලෝකයම එපා වුනා.තමන් Gay වුන එකට වගේම පාර්ක් වගේ කෙනෙක් එක්ක තමන්ගෙ ජීවිතේ බෙදා ගන්න හීන දැක්ක එකට එයා එයාටම වෛර කරන්න ගත්තා.

තමුසෙ මහ ජරාවක් මිනිහෝ...අපි ආදරේ කලේ නෑ ඒක හරි...බට් උඹට තිබ්බ මාව මෙහෙම රවට්ටලා මට මෙහෙම නොකර ඉන්න...මේ තමයි උඹ මගෙ වහලෙ යට හුස්ම ගන්න අවසාන දවස...පලයං ගිහිං අර පාහර මින් කාරයට විකුණනපං උඹෙ ඇග...ඒකටනෙ උඹ හැමදේම කලේ..මාව කේන්ති ගස්සන්න තවත් මං ඉස්සරහ හිටගෙන හිටියොත් උඹෙ වටිනම කියන කෑලි ටික කපලා මරලා හංගනවා දැනගනිං...උඹ ගෑනියෙක්ටත් නැති පිරිමියෙක්ටත් නැති අවජාතක කරුමක්කාරයෙක්...

DADDY'S LOVE || JIKOOKWhere stories live. Discover now