නෑ..නෑ...මං.උඹගෙන් ප්‍රශන දෙක තුන අහන්නෙ නෑ..එකයි......ඔක්කොටම් අහන්නෙ එකම ප්‍රශ්නයයි....උඹට පුලුවන් උත්තර දෙන්න...එච්චරයි .....

හා.....අහන්නකො...මොකක්ද.....

දැන් උඹත් මේ අපේ එකා කියන ඔය බහුබූතෙ දන්නවද........උඹත් මුගෙ ඔය පටලැවිල්ල දන්නවද......දන්නෙ නෑ කියලා නම් කියන්ඩ එපා කල්පනයා...තොපි එකාට එකා නොදන්න දෙයක් නෑනෙ.....කියපන්....මුගෙයි අර ජයරත්නයගෙ පුතාගෙ පටලැවිල්ල උඹලත් දන්නවද.....

මම කල්පන දිහා බලාගන උන්න....ගෙදරදිත් මේ ප්‍රශ්නෙට මරාගත්ත අම්මා තවත් මේකට කෑ ගහලා ලේ පුච්චගන්න බැරි හන්දා අප්පච්චි ලා පුතාලට ඕන එකක් කරගන්න දීලා යන්න යනකොට අප්පච්චි මායි කල්පනයයි තනි උනා.........

රොහාන්...ඔයාට ඕනෙ මගෙන්  මොනවගේ උත්තරයක් පිට වෙනවටද...මං අහන්නෙ.......ඔයා සතුටු මොන උත්තරේටද....එක්කො මම මුගෙ පැත්ත අරන්...ඔව් අංකල් මෙහෙම සීන් එකක් තියනවා....මෙහමයි ගාල වැඩෙ ලේසියෙන් ගොඩ දාලා ඔයාගෙන් බැනුම් අහනවටද....නැත්තන්..මාත් ඔයා එක්ක එකතු වෙලා..මූට බනිනවටද.....නැත්තන්......ඔය දෙකම මම කරනවටද.....???මොකක්ද ඕනේ......??

මෙහෙමයි රොහාන්.......උදාරයලාගෙ....රවිදුවගෙ......අපේ අප්පච්චි ට වඩා...අපි ඔක්කොම ඔයාට ලගයි කියන්න නොදන්නවා නෙව්නේ.....නේ...එකක්....අපිගාව තියෙන්නෙ අංකල් බොන්ඩ් එකට වඩා...බොක්කෙ ෆිට් එකක් වගේනෙ........බොරු කියන්න ඕන නෑ..කමනි නොදන්නවා උනාට......ඔයා අපි එක්ක එකට සිගරට් එක ගහපු දවස් තිබ්බනෙ...නේ.......

මට ඒවා අදාල නෑ කල්පනයා......උඹ සිගරට් එක ගැන නම් කතා කරන්නෙ....මමම තමයි උඹලට බොන්ඩ දුන්නෙ.....වෙන මොකටවත් නෙවෙ...උඹලට ඕකෙ රස...ඕකෙ ආතල් එක මොකක්ද කියලා හොයාගන්න කන් ඉවසිල්ලක් තිබුන් නෑනෙ......උඹල ඒක බිව්වම මොනවගේද කියන්න දන්නෙ නෑනෙ........හොරෙන් බීලා ඇබ්නැහි වෙනවට වඩා..මට ඕන උනේ.....එක පාරක් පොවලා..උඹලට මේකයි ඕකෙ ආතල් එක...කියන තරම් ඒ හැටි මගුලක් නෑ.කියලා එලි පිටම පොවලා ඇබ්බැහිය වෙන්න ගිය එකක් මුලින්ම නවත්තල දාපු එක....හරි...දැන් ඒක වැඩක් නෑ...මට කියපන්...මම අහපුවට උත්තරේ.....

හරි...හරි....මං.උත්තරෙ දෙන්නම්...හැබැයි මූත්  ඔයාට මොකක් හරි උත්තරයක් දෙන්න ඇතිනෙ.......මං.මෙච්චරයි කියන්නෙ...මුගෙ පලහිලව්ව අහපු මුල්ම දවසෙ.....අපි තුන් දෙනා එක පැත්තක් ගත්තා......මූ තනි උනා රොහාන්...හැබැයි......යාලුකම කියන්නෙ මනුස්සකමටත් එක්ක...හරි...අපි මූව දවසකට හරි තනි කෙරුවෙ මුගෙ කතාව නාහ.....හැබැයි......අපි මුගෙ කතාව දැන් දන්නවා...ඇයි මූ එහෙම පලහිලව්වක් පටන් ගන්න හේතුවත් දනන්වා....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now