02🦚

4.7K 784 377
                                    

කෝපි එකක්....

සීනි නැතිව.....

කෝපි ඉල්ලනවා.......ඒකත් සීනි නැතුව මේකට සීනි අමාරුවද දන්නෙ නෑ මේ අඩු වයසිම්ම......

දෙන්නම්...ඔයාට කෝපි එක කලුවටද හදන්න ඕනෙ.....

ඔව්........වැඩිය එපා...උගුරු දෙක තුනක් ඇති.....

මං ඔලුව වනලා එන්න හැරුන.......වැඩිය එප උගුරු දෙක තුනක්ලු ඕනෙ කියන්නෙ.....අනේ උඹ එක උගුර බිව්වත් කෝපි එකේ ගාන ඒ ගානමයි...ඊටත් මේ ගිනි මද්දහනෙ කෝපි බොන්නෙ මොකාද.....එක්කො මූ වෙන කොහෙන් හරි කොත්තුවක් වත් කාල බඩ අවුල් ගිහි  මෙහෙට කෝපි බොන්න ආවදෝ...........

උඹ මොනවද බන් ඔය කුටු කුටු ගගා කරන්නෙ.....

පේන්නෙ නැද්ද එකෙක්ට මෙ ගිනි මද්දහනෙ කෝපි හදනවා.......සීනි එපාලු උගුරු දෙක තුනක් තිබ්බා නම් ඇති කියන්නෙ..මේක කෝප්පෙක දාලා දෙන වෙලේ මීට වඩා ලේසියි උනු වතුරයි කෝපි  කුඩුයි අරන් ගිහින් උගෙ කට ඇරපන් කියලා කටට හලලා එනවා....

මී හරකා...

ආව්....හ්

සත්තයි...මගෙ  ඇස්වලට කදුලු පටලයක් බැදුනා...කමනිට යකා ආවෙස වෙලා වගේ ඇගිලි පහ නවල මගෙ උච්චියටම ඇදලා ඇරියා........මං ඔලුව මුදුන අල්ලගත්තා....

ඇයි අනේ අනින්නෙ...පිස්සුද හැටිද එහෙම.....?

පිස්සුද හැටිද අහන්නෙ.....බලපිය ....අර හීටරේ ගහලා තියෙන්නෙ ප්ලාස්ටික් කෝප්පෙට නේද.....සිහිය නෑ...සිහිය නෑ තොට.......ගන් ඕක..අරන් ගහපිය යකඩ කෝප්පෙට....

පෝ..හෙමින් අනේ...හෙමින්.............හෙමින් බනින්ඩකො.........ඕක ඇහුනොත් අප්පච්චිත් කුලප්පු වෙනවා.........

ඇත්ත මං උන්නෙ අවසිහියෙන්...මගෙ ඔලුවෙ එක පැත්තක් වැඩ කෙරුවෙ අප්පච්චි අර මහ වැව තියන ගෙදර ගනීද නැද්ද කියන කල්පනාව උඩ.....අනිත් පැත්තෙ වැඩ කෙරුවෙ අද මාරවිල තියන ශෝ එක දිහාවට.....එතනිනුත් දශමයක් වැඩ කෙරුවෙ සීනි නැති කෝපි ඉල්ලපු කොල්ලා ගාවට වෙනකොට මං ඒ ඔක්කොම ඔලුවෙ තියන් ගිහින්  වතුර එක ගහලා තිබුනෙ ප්ලාස්ටික් ජොග්ගකට............

උගුරු දෙක තුනයිනෙ ... .

මං මගෙ කටට අල්ලන උගුරු ගාන ගැනලා කෝප්පෙට දාලා සති එකහමාරක් විතර බඩ කොන්ක්‍රීට් වෙන තරමට කෝප්පෙට කෝපි කුඩු එකතු කරලා පාරිභෝගිකයා කියන්නෙ අපගෙ දෙයියාය කියන තේමාව යටතෙ විරිත්තන් වගේ කෝපි එක අරගන අර කොල්ලා ගාවට ගියා.....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now