35🦚

2.4K 546 282
                                    

................

මං හිතන්නෙ මුලු ගේ ඇතුලෙම එක පාරම හිරෝශිමාවක් උනා....නාගසාකියක් උනා....සකුරා මල් පිපෙයිද කියලා හිතන්නවත් බැරි තරම් බය හිතෙන නිහඩ කමක් ඇවිදින් අප්පච්චිවයි අම්මවයි ගිලගත්තා.........

ඇදන් උන්න අත් දිග සුදු  ශර්ට් එකේ අත් වැල මිටට චුට්ටක් පහලට හිටින්න නවපු මං ඔරලෝසුව බැදගන එතනම තිබුන පුටුවෙන් ඉදගන්නකොට අම්මයි අප්පච්චියි ගල් ගැහිලා වගෙ  බලන් උන්නා..මගෙ නිම්නට කරකියා ගන්න දෙයක් නැතුව හිරවෙලා ගියා.....

මො...මොකක්ද උඹ කිව්වේ.....උඹ කා එක්ක යාලුයි කියලද කිව්වෙ........ආ මයුර...

.අප්පච්චි ......

අප්පච්චි නෙවෙයි ....කමනි...මූ මොකක්ද ඒ කියාපු පඩත්තර කතාව.....

අනේ අනූ එහෙම දෙයක් නෑ කියන්න   ඒක විහිලුවක් කියලා කියන්න අනූ.  . ......අනික...අනික අම්මා දැනගත්තොත් මම මැරුන කෙනෙක් කියලා .......මාව අල්ලලා හිර කරාවි...මට උඹ ලගට එන්න තියා බලන්නවත් බැරි වෙන්න ගුරුකමක් වට් කරාවි අනූ   පින් අයිති වෙයි කියපන් අනූ....ඒක විහිලුවක් කියලා ..අනේ කියපන්කො අනූ....

...නිම්න එක පැත්තකින්...අම්මයි අප්පච්චියි එක පැත්තකින්..............අප්පච්චි උන්නෙ අර විහිලු කරන ඉරියව්වෙන් නෙවෙ වෙනකොට අම්මගෙ මූන සම්පූරනම සුදුමැලි වෙලා තිබුනා   . .....එහෙන් මගෙ නිම්න බය වෙලා කියවනවා........

ඇත්ත ..මං මේ හැසිරීම බලාපොරොත්තු උනා....අප්පච්චි මං ආදරේ කරන්නෙ කොල්ලොක්‍ට කියපු ගමන් අනේ හා පුතේ අපිත් උඹට උදව් කරන්නම් කියන වටපිටාවක නෙවෙ අපිවත් අපේ අප්පච්චිලවත් හැදුනෙ.....

අපි හැමෝම හැදුනෙ ගෑනු ආදරේ කරන්නෙ පිරිමින්ට  .පිරිමි ආදරේ කරන්නෙ ගෑනුන්ට කියන සම්මත රාමුව අස්සෙ වෙනකොට සම්මතෙන් පිටතදි සමලිංගිකත්වයයි ලිංගික සංක්‍රාන්තිකයො දිහයි වෙනම ඇහැකින් බලන්න හුරුකරාපු සමාජෙක...........

අනූ...මට මොන දේ උනත් කමක් නෑ අනූ......මම දැනටමත් මැරුන මනුස්සයෙක්....මැරුන උන් වෙනුවෙන් ජීවත් වෙන උන් විදවන්න ඕන නෑ අනූ.....උඹට දැන් උනත් වෙලාව තියනවා මල්ලි......උඹට දැන් උනත් වෙලාව තියනවා රත්තරන් ඕක බොරුවක් කියන්න...  
.මට මොන මගුල උනත් කමක් නෑ......

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now