34🦚

2.4K 534 292
                                    

නිම්න..........

මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා ගියා.........එයා කියනවා එයාට ඇහුනා කියලා...කොහෙන් කොහොම...කවුරුද ඕක කනේ තිබ්බෙ....මොකාද......

නිම්න.........කව්ද....මොකාද කියපන්...මොකාද...........මොකාද ඔය බොරුව කනේ තිබ්බෙ........

මං මගෙන් දුවන්න හදාපු නිම්නව ඇදලා අරන් බිත්තියට හේත්තු කරගත්තා..නිකන් නෙවෙ මගෙන් ගැලවිලා දුවයි කියලම මං රිදෙනවා කියලා දැන දැනම උනත් එයාගෙ උරහිස් වලින් මිරිකලම අල්ලන් බිත්තියට තද කෙරුවා.....

මට තරහට වඩා දැන් ඇඩෙන්න වගේ........මොකාද මොන යකාද ඕක එයාගෙ කනට යන්න කිව්වෙ...මොන යකාද.....

නිම්න...මට උත්තර දියන්....මට උත්තර දීපන් නිම්න...මොන යකාද උඹගෙ ඔලුවට ඔය බහුබූතෙ දැම්මෙ....උඹට මාව අනාගතෙන් ආව එකෙක් වගේ පේනවද වස්තු....එහෙනම් ඉතින් මට ඔය උගන්නන ඒවට උඹට කලින් උත්තර බදින්න පුලුවන් නෙ.....ආ....

................

මට උත්තර දීපන් නිම්න.....උඹ කරන්නෙ මගෙ ඇස් මග අරින එක......මගෙ දිහා බලපන් වස්තු........උඹට මගෙ මූන බැලුවම  උඹට හිතෙනවද මං   අනාගතෙන් ආවා කියලා...මට උත්තර දීපන් නිම්න........එහෙම උනා නම්....ඔය උගන්නන උන් අහන හැම දේම අහන්න කලින් අපිට බැරිද උත්තර බදින්න ........බිම බලන්න නෙවෙ නිම්න මට උත්තර දියන්.......

නිම්න නෙවෙ මගෙ මූන බලන්නෙ....මම එයාව හෙලෙව්වත් බිත්තියට තදකෙරුවත් එයා නෙවෙ උත්තර බැන්දේ...ඒ වෙනුවට එයා කෙරුවෙම බිම බලන් ඉන්න එක වෙනකොට මම එයාව අතෑරියා.........ආය ඒ ගැන ඇහුවෙත් නෑ.............මම මොනවත් කිව්වෙත් නෑ.........

..ඔයාලා ඉතින් උත්තර දෙන්නෙ කොහොමද ......ඔයාලට බෑනෙ....එහෙම කරන්න බැරි...ඔයා අපේ අම්මට බය හින්දනෙ......ඔයාලට අම්ම ගැහුවලුනෙ........ඒකනෙ.......ඔයාට අපේ අම්මා හරියට ගැහුවලුනෙ....

ඔයා දොර රෙද්දෙන්ද අත පිහිදන්නෙ....?

තේ බීලා කෝප්පෙ ඇද යටට දානවලුනෙ....??

අල්මාරිය ඇරියම රෙදි කන්ද කකුල් ගාවට කඩන් වැටෙනවලුනේද......

.ඇදුම් ගුලි කර කර අල්මාරියට ඔබනවලු.......අපෙ අම්මලුනේ ඔයාව හදලා ගත්තෙ.......



මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now