මම ඇත්තට ඔයාට ආදරේදෝ...කියා.....
මගෙ හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කලොත් හොදයි කියා.........කොල්ලො........අත ඉක්මන් කරලා ඕක පිහදපන්කො.........කිරිවැල් ඇබ දෙක කනේ ඔබා ගත්තම මේසෙකට තට්ටු කර කර ඉන්නවා ඇරුනම මූට සිහි නෑනෙ.........මුගෙ මේ සින්දු කෙරුවාව හන්දා මගෙ නහර ගහලා යනවා දැන්....
(මයුර අනුශ්ක කළුතොටආරච්චි)
ආ.....හ්....මොකක්ද අප්පච්චි කිව්වෙ..........
ඕක පිහපිය ඉක්මනට...දැන් කීයෙ ඉදන්ද එකම මේසෙ අතුල්ලන්නෙ....මං උඹගෙ ඇගිලි දහය කඩනව ආපහු බෙලෙක් පිගන් වලට තට්ටු බට්ටු දාන්න ගත්තොත්....ඔකොම පිගන් යට තැලිලනෙ.....
මං කනේ තිබුන හෑන්ඩ් ෆ්‍රී එකෙන් එකක් ගැලෙව්වා......වෙන මොකටවත් නෙවෙ...අප්පච්චි මගෙයි රූකාන්තගෙයි ආදරේට හරස් උනා...........අප්පච්චි මේ උදේ පාන්දරම ආවේස උන කපුවා වගෙ ගිණි පාගන්න ගත්තා.....
මේසයක් පිහනවා...චුට්ටක් අතු ගානවා කොස්ස අරන් ගිටාර් එකක් විදිහට හදාගන ඔලුව පොඩ්ඩක් උස්ස උස්ස පහත් කර කර මගෙම ලෝකෙක ඉදන් වැඩ කරනකොට අප්පච්චිට මායි රූකාන්තයි අතර වෙන මේ හාදකම තවත් ඉවසන් ඉන්නම බැරි තැන මට දරනුවකින් දමලා ඇරියා..........
"මයුර හෝටල"
උදේ දිවා රාත්‍රී ....කියලා ලියලා...ඒ ලොකු අකුරෙන් බත් කමු කියලා තිබුනා....
මං කොච්චර කිව්වද...මේකට මයුර හොටෙල් කියලා සුද්දගෙ බාසාවෙන් ලියමු කියලා...නෑ.....අහන් නෑ....ඒක සිංහලෙම්මයි තිබුනෙ......