කල්පන වරෙන් යන්න....එයාට බයික් එක දාගන්න ඕන කියලනෙ කිව්වෙ..දැන් ඉඩ හැදුවනෙ.....දාගන්නව නම් දාගනී උඹ වරෙන් යන්න....

මම කල්පනයව අතින් ඇද්දා......ජනත්ගෙ මලගෙදරට ආව උනත් අප්පච්චි ගෙ මූනෙ තිබුනෙ මගෙ මලගෙදරත් මේ  එක්කම ගන්න ඕන කියන බැල්මක් වෙනකොට මං ඇවිලෙන ගින්නට පිදුරු හලන කල්පනයව අතින් ඇද්දා....

නෑ..නෑ.....උඹ පලයන්කො මයුර....මොකද උඹ ඔච්චර උරුම්පූට්ටු වෙන්නෙ මිනිය ගන්නකොට උඹ සල්ලි දීලා ඒක ගෙදර අරන් එන්නද??නෑනෙ....උඹ පලයන්කො

රොහාන් ඇති රොහාන්...දැන් ගෙදර ඉදන් එනකනුත් මග දිගට කියෙව්වනෙ..

කමනි මේ...මං තමුසෙවත් එක්ක  ආවෙ කියලා දීලනෙ....මූ කියන කියන එක කරපුවාම හරි....

.මයුරයා උඹ යමන්කො....අයි කැන් හැන්ඩ්ල් දිස් සිටුවේශන්...ඕල් ඊස් වෙල්...ඕල් ඊස් වෙල්...උඹ පලයන්......පුපුරන්න ඔන්න මෙන්න තියන ඕනම බෝම්බයක් මට නිශ්ක්‍රිය කරන්න පුලුවන් ...ඒක නිසා උඹ පලයන්....

මං එන්න ආවා..අප්පච්චි දිහාවයි අම්මා දිහාවයි බලලා රවපු මං එන්න ආවා...ඒත් මම ආයම නැවතුනා...ඇයි මං යන්නෙ...මොකටද....පැනලා යන්නෙ මොන මගුලටද....

දැන් ඇයි ආය උඹ එන්නෙ.....

මං එන්නෙ ...මං...එන්නෙ..මගෙ යාලුවා මෙතන හින්දා...මට ඌව තනියෙන් දාලා යන්න බෑනෙ අප්පච්චි නේ.......කියන්න තියන දෙයක් අහන්න තියන දෙයක්  මං ඉන්නකොට අහන්න ....එතකොට ඔයහිතෙ තියන සැක සංකා ඔක්කොම දුරුවෙලා යයිනෙ.............

මං ගිහින් ආයම  බයික් එක උඩ ඉදගත්තා....ගෙදරදි මාව කාපු අප්පච්චි අනිත් පාර බෙල්ලෙන් අල්ලන් උන්නෙ කල්පනයගෙ වෙනකොට  ඌ නම්.ඕන එකකට ඕන එකක් කියන්න ඒකගෙ අර පෙට්ටි කටේ කතුරු මුවහත් කරන ගමන් උන්නා......

කල්පනයා ......මං දැන් අහන්නෙ එකම ප්‍රශ්නයයි......හරි.....ඒකට බොරු බේගල් නොකියා....ඥන් පඥන් නොගා මට උත්තර දීපන්...හරි....හොදට මතක් තියාගනින්  කල්පන...මං අහන්නෙ..එක පාරයි ආ....එකම් පාරයි අහන්නෙ......

හරි..හරි...රොහාන්......අහන්නන්කො...
අහන්නකො...අහන්න තියන දේ ඇහුවම..ඔයාගෙ හිතත් සුද්දයි.....අපෙ හිතුත් සුද්දය්නෙ........උත්තර දෙන්න අමාරු නම්....ප්‍රශ්නෙ අතෑරියා ඊලග ප්‍රශ්නෙට ගියා...එකම ප්‍ර්‍රශ්නෙ උඩ එල්ලිලා උන්නොත්...උත්තර දන්න අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙනවනෙ....නේ.....අහමුකො බලන්ඩ.....

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Donde viven las historias. Descúbrelo ahora