- 36 -

445 63 7
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡

        " අපි මොකද්ද අසිපත් අයියෙ කරන්නෙ? "

ඒශ්වර් හෙම්බත් ව සිටියේය.

අසිපත් හෙම්බත් ව සිටියේය.

      පරණ වලව්වේ දිරා ගිය ඇදකට තබා ලාබාල කොලුවා ගැට ගසා දමන්නට ඔවුන් දෙදෙනාගේම ශක්තිය ඇති වූයේ යාන්තමිනි. කට බැද දැමූ මුඛවාඩම අසිපත්ගේ කමිසයෙන් ඉරාගත් කොටසකි. ව්‍යාඝ්‍රයෙකු සේ තරුණයන් දෙදෙනාම හා කරට කර පොර බදන්නට ශක්තිමත් ව සිටි නෙලුම් දැන් බයාදු ලෙස පසෙකට හැරී ඉකිබින්ඳේය. අසිපත් ඔහුගේ කට බැද දමන්නට හේතුව අසරණ ආයාචනාවන් සියල්ල ඔවුන් දෙදෙනාගේම සිත් දුර්වල කිරීම ම ය. වේදනාවක් වුවත් එය ඒශ්වර්ට  සැනසීමක්  ද විය. නෙලුම් බලහත්කාරයෙන් ගැටගසා පීඩා කිරීම ඔහුට මහත් වරදකාරී හැඟීමක් ගෙනාවත් ඔහු පැන ගියෝතින් ඊට වඩා බොහෝ කරදරවලට නෙලුම්ටත් සියල්ලන්ට ත් මුහුණ දීමට සිදු වන බව නැවත නැවත මතක් කරගනිමින් ඔහු සිත දැඩි කරගත්තේය.

      
        නෙලුම්ගේ හඩ අහම්බෙන් අසිපත්ට ඇසී තිබුණේ හදිස්සියට වලව් වත්ත මැදින් වැටුණු අඩිපාරෙන් පනින විට ය. ඔහු ජනේලය ලඟට ලං ව ඇතුල එබී බැලුවේ ය.

     ලාම්පු කොටයක් අසල හිදගෙන පරණ පෙට්ටගමක් දිගහැරගෙන සිටි ඔහු ලාම්පුවේ දුබල එලියට ද දිස්නය දෙන ගල් ඇල්ලූ රතු ගවුමක් ඇගිලි තුඩින් පිරිමදිමින් සිටියේ මහත් ආශාවකිනි.

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.












     අසිපත් ට හීන්දාඩිය දැම්මේය.

    එසේම ජනේලය පාමුල හිදගත් ඔහු මුලින්ම කළේ දුරකථනය නිහඩ කර ඒශ්වර් ට කෙට් පණිවුඩයක් තැබීම ය.


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF  )Waar verhalen tot leven komen. Ontdek het nu