මගේ නූනා.

මම හිතුවේ එයා මට නොකියම ගියා කියලා ඒත් එයා මට කියලා ගිහින් තියෙන්නේ.මගේ ඇස් වලින් එක දිගට කදුලු කඩන් වැටෙද්දි මට ඕනෙ උනේ නෑ ඒවා හංගගෙන ඉන්න.මම ඇඩුවා.එයාගේ මූන දැක්ක ගමන් මට ඇඩුනා.කොහොමහරි ඇස් වල පිරිලා තියෙන කදුලු පිහිදගෙන මම ඒ වීඩියෝ එක ඔන් කරේ ඒක බලන්න.ඒත් ආයෙමත් මගේ කදුලු අලුත් උනේ එයා මම අහන්න ආසම වචනේ කිව්ව නිසා.

චිම්...අහ්හ් මේක ඔන් වෙලාද...ආහ් හරි...චිම්...මගේ චිම්....ඔයා මං එක්ක තරහද.....මම දන්නවා ඔයා මං එක්ක තරහෙන් ඇත්තේ.මම ඔයාට නොකියම ගියා කියලා.ඒත් චිම්...මට යන්නම වෙනවා චිම්...මම දන්නවා ඔයා අනිවාර්යයෙන්  ඔඩිශන් එක පාස් වෙනවමයි.මම ඒක දන්නවා.සමාවෙන්න චිම් මට එන්න වෙන්නේ නෑ.මම යනවා.හැබැයි ආයේ එනවා අනිවාරෙන් මම ආයෙ එනවා චිම්.මට ගොඩක් දේවල් කියන බෑ.මට කියන්න තියෙනවා ගොඩක් දේවල්.මම ආයෙ ආවම ඔයාට සේරම කියනවා.ඒත් මම යන්න කලින් එකම එක දෙයක් ඔයාට කියන්න දෙන්න.මම ඔයාට ආදරෙයි චිම්....ගොඩක් ආදරෙයි...මටත් වඩා මම ආදරෙයි..මට සමාවෙන්න චිම්..මට යන්නම වෙනවා....පරිස්සමින් ඉන්න....

ඒක ඉවර වෙනවත් එක්කම මට හයියෙන් කෑ ගහලා අඩන්න ඕනෙ උන නිසාම මම මගේ අත හයියෙන් හපාගෙන අඩන්න ගත්තා.අඩලා අඩලා ඉවර වෙලා මට එහෙමම ලැප් එක තියෙද්දිම ඇදේ නින්ද ගියේ මහන්සියටමයි.
.
.
.
.
.
.
.
ටික වෙලාවකින් ගෙදර ඩෝ බෙල් එක වැදෙනවා ඇහෙද්දි මට ඇහැරුනේ ලොකු ඔලුවෙ කැක්කුමකුත් එක්කමයි.අත රිදෙද්දි අත අරගෙන බලනකොට දැක්කේ මගේ අත ඉස්සෙල්ලා මම හපපු එකේ පාර වැදිලා රිදෙන බව.ඇස් දෙකත් පොඩි කර කර මම ලැප් එකත් වහලා පහලට ගියේ දිගටම ඩෝ බෙල් එක වැදුන නිසා.

ජිමින්....

අහ්....සොන්ග් ශී......එන්න.....

ජිමින් මොකද මේ ඔයා හොදින් නේද? මූනත් මැලවිලා වගේ....

අහ්...නෑ නෑ...මම හොදින් සොන්ග් ශී.....

අහ් ජිමින්...මම ආවේ ඔයාට මේක දෙන්න...අනිද්දට ඔයාගේ ශෙඩියුල් වල පොඩි වෙනසක් වෙනවා.ඔයාට ඩයෝර් ෆැශන් ඉවෙන්ට් එකට යන්න වෙනවා.ඒකට ඔයාට හෙට අලුත් ස්ටාෆ් එකක් එනවා හෙට ඔයා එක්ක යන්න....

අලුත් කිව්වේ....

අහ් අපේ මේකප් ආර්ටිස්ට් ලා දෙන්නෙක් නුයි ට්‍රන්ස්ලේටර් නුයි අලුතෙන් එන්නේ...

අහ් එහෙමද....අහ්...සේයොන් නූනා නෑනේ නේද මට ඒක අමතක උනා...

ඔව්..ඔයාගෙ ඩ්‍රෙස් එක ඇවිත් තියෙන්නේ මම ආවේ ඔයාව එක්කන් යන්න ඒක බලන්න...

මේ දැන්.....?

ඔව්...දැන් බැරි නම් අපි ඒක හෙට දාගමු ජිමින්..හදිස්සියක් නෑ අනිද්දට නේ ශෝ එක....

නෑ නෑ මම දැන් එන්නම්....ඉන්න මං ලේස්ති වෙලා එන්නම් සොන්ග් ශී....

අරස්සො ජිමින් ශී.....

_______________________________
A/N
සමාවෙන්න පරක්කු උනා වැඩියි.මනස එක තැනක නෑ ඒකයි.ආයෙත් සමාවෙන්න.

Unexpected wishWhere stories live. Discover now