[ 31 ] - ඩැඩා = අප්පා ? 🙄

Start from the beginning
                                    

පස්සෙ බැරිම තැන Mr.Jeon කුකීව ගෙදර එක්කන් ආවා. පස්සෙ කුකීගෙ ඔම්මත් කුකීව නලවගන්න try කලා. එයා නම් ටිකක් සාර්ථකයි හැබැයි. මොකද කුකී යටි ගිරියෙන් කෑ ගගහ අඩන එක ටිකක් නතර කලා එයාගෙ ඔම්මා ළඟදි. ඒත් සම්පූර්ණයෙන්ම සන්සුන් වුණේ නෑ...

ඉවසල ඉවසල බැරිම තැන තමා Mr.Jeon , Taehyung ට call එකක් ගන්නෙ. මොකද තවත් ඇඩුවොත් අනිවාර්යයෙන්ම කුකී බබාට හුස්ම ගන්න අමාරු වෙනවා. ඊට පස්සෙ ඉතින් දවස් දෙක තුනක් යනකන් Hospital එකේ තමා. ඒ නිසා එයා අකමැත්තෙන් වුණත් Taehyung ට call කරල කරදර කලා.











Taehyung ආපු වේගේ නිසාම විනාඩි 20 කට වගේ කිට්ටු වෙද්දි එයාට Jeon ගෙදරට එන්න පුළුවන් වුණා. race කරගෙනම ඇරල තිබ්බ gate එකෙන් Car එක ඇතුලට දැම්ම එයා කලබලෙන් ගේ ඇතුලට දුවන් ගියේ Car එකේ දොරවත් වැහෙනකන් බලන් නොයිද.

👨 - " පුතේ ඔයා ආවද! "

🐯 - " බ්-බේබි? "

👨 - " එයා කාමරේ "

Mr.Jeon කිව්ව පරක්කුවට එහෙම්මම කුකීගෙ කාමරේ පැත්තට දුවන් ගිය එයා ටිකකට දොර ගාවින් නැවතුනේ කුකී අඩන සද්දෙ වහල තිබ්බ දොරෙනුත් එලියට ඇහෙන නිසා.

👨 - " ඇතුලට යන්න Taehyung.
එයා ඔම්මා ළඟින් ඉදලත් තාම නැලවුණේ නෑ. "

Taehyung ගෙ පිටිපස්සෙන් ආපු කුකීගෙ අප්පා Taehyung ගෙ පිටට තට්ටු කරල කිව්වාම එයා හිමීට දොර ඇරගෙන ඇතුලට ගියා.

කුකී බබා හිටියෙ එයාගෙ ඇද උඩ පුළුන් බෝලයක් වගේ ගුලිවෙලා. තාමත් එයා උදේ School ඇදන් ගිය uniform එකෙන්මයි. Mrs.Jeon කුකීගෙ ඇද අයිනෙන් ඉදගෙන කුකීගෙ ඔලුව අතගගා එයාව නලවන්න උත්සහ කරනවා. ඒත් කුකී එයාගෙ ඩැඩාටම කතා කරකර දිගටම අඩනවා.

දොර ඇරුණු සද්දෙට Mrs.Jeon ගෙ අවධානෙ ඒ පැත්තට හැරුණා. එයාගෙ ඇස් වලත් කදුළු පිරිලා.

👩 - " දරුවෝ ! "

Taehyung ව දැක්ක හැටියෙ එයා හරිම අසරණ විදියට Taehyung ට කතා කලා.

🐯 - " ඔම්මා... "

ඒ පලවෙනි පාර... Taehyung පලවෙනි පාරට කුකීගෙ ඔම්මට ඔම්මා කියල කතා කලා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now