[ 7 ] - I hate you 😖

1.6K 301 63
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........






Shutter එකෙන් එන හුළං වල සනීපෙටයි, ඇගට දැනෙන ලොකු තෙහෙට්ටු ගතියයි නිසා Car එකට නැගලා ටික දුරක් යනකොටම චූටි කුකී නම් තද නින්දකට වැටුන...

මේක දැක්ක jimin, කුකීගෙ seat එකත් ටිකක් පහලට කරල එයාට පහසුවෙන් නිදාගන්න ඒක හදල දුන්නට පස්සෙ පුළුවන් තරම් ඉක්මනට එයාලගෙ ගෙදරට වාහනේ drive කලේ ඒ වෙද්දි එයාලගෙ ඔම්මයි අප්පයි දෙන්නාත් ඒ දෙන්නගෙ වැඩේ ඉවර කරගෙන ආපහු ගෙදරට ඇවිත් තිබ්බ නිසා..

Jeon ගෙදර Gate එකෙන් car එක ඇතුලට දානකොටම එයාලාගෙ ගෙදර ඉස්සරහ garden එකේ තිබ්බ patio chairs දෙකක ඉදගෙන බීම බීබී හිටපු එයාලගෙ ඔම්මවයි අප්පවයි දෙන්නව jimin ගෙ ඇස් ගැටුනා..

ඉතින් හීන් සිරුවෙ Car එක ඇතුලෙ garage එකේ park කරපු jimin එහෙම්මම car එකෙන් බැහැලා ඇවිත්, හීන ලෝකෙ හිටපු චූටි කුකීවත් අත් අතරට අරගෙන ගේ පැත්තට අඩිය තිබ්බා.






👨 - " ම්හ්~ දෙන්නා ආවාද ! "

කුකීවත් උස්සගෙන ගෙදර දොර ළඟින් ඇතුලට යන්න හදන කොටම, බීම වීදුරුවත් අතේ තියන් jimin ළඟට ආපු එයාගෙ අප්පා jimin ගෙ අත් අතර නිදාගෙන හිටපු කුකීගෙ ඔලුවත් අතගාලා එහෙම කිව්වා.

🐥 - " හ්ම් ඔව් අප්පා..
හරිම මහන්සී. "

👩 - " යන්න ගිහින් බනීව එයාගෙ ඇදෙන් තියන්න චිමී.
ඔයාට එයාව උස්සගෙන ඉන්න අමාරුත් ඇති. "

එහෙම කියාගෙන ඒ වෙලාවෙ එතනට ආපු එයාලගෙ ඔම්මා, තමන්ගෙ Husband ගෙ අතේ තිබ්බ හිස් බීම වීදුරුවත් එයා අතට අරගෙන jimin ගෙ නලලට පුංචි හාදුවකුත් තියලා එහෙම්මම ගේ ඇතුලට ගියා...







කුකීවත් උස්සගෙන එයාගෙ කාමරේට ආපු jimin බොහොම පරිස්සමට එයාව එයාගෙ ඇද උඩින් ඇල කරල ඇද උඩ තිබ්බ කොට්ටෙකුත් එයාගෙ අත් අතරට හිර කලේ එයාට පහසුවෙන් නිදාගන්න පුළුවන් වෙන්න.

🐰 - " ම්හ්~ ඩැ-ඩා ම්හ්~ "

නමුත් ඊළඟ තප්පරේ කුකී නින්දෙන්ම එහෙම මුමුණන ගමන් jimin ගෙ උණුහුම හොයාගෙන ඒ පැත්තට තව තවත් ගුලි වුණේ කුකීගෙ මේ වැඩ දිහා බලාගෙන හිටපු jimin හරි අමාරුවෙන් එයාගෙ හිනාව එයාගෙ කට ඇතුලෙම හිර කරගනිද්දි.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now