මෙහේට ඇවිත් සතියකට පස්සෙ මම වැඩ බාර ගත්තා.සුහෝ ඉන්න නිසා ඇත්තටම මට කිසි කරදරයක් නැතුව මගේ වැඩ ටික කරගන්න පුලුවන් උනේ එයා මාව හැමදාම මම කොච්චර එපා කිව්වත් මාව යුනිවසිටි එකට එනකොටයි ආයෙත් අපාර්ට්මන්ට් එකට එනකොටයි මාව එයාගේ කාර් එකෙන්ම දාගෙන යන නිසා.ඒත් මම එයාට කරදර කරන්නත් බැරිනිසා සමහර දවස්වලට බලෙන්ම ටැක්සි එකේ ආවා.එයා ගොඩක් හොද කෙනෙක් මට ගොඩක් උදව් කරා මම මෙහේ ආපු ටිකට.

මම මෙහේ ආපු දවසේ ඉදන්ම මගේ ඔලුවේ වැඩ කරේ ජිමින්ව දැක්ක දවස.එයා කොච්චර ලොකු වෙලාද.එයා මම නැතුව සතුටින් ඇති.ඒකම මට ඇති.කවදාහරි මම එයාගෙන් සමාවගන්නවා කියලා හිතාගත්තේ මම ඒ සිද්දිය වෙලා ලංකාවට ආයෙම ආපු දවසෙමයි.මොකද මම එයාලට කරේ වැරැද්දක්.කොච්චර බොරු කිව්වද මං.එදා මම කොච්චර ඇඩූවද කියලා දන්නේ මම විතරයි.

සුහෝටත් කියලා මම ඉක්මනට ආයෙම ලෙක්චර්ස් වලට ගියේ අද අම්මට කතා කරන්නත් ඕනෙ නිසා ඉක්මනට ගෙදර යන්න.ඒ එක්කම මම කල්පනා කරේ බීටීඑස් ලගේ කොන්සර්ට් එකට යනවද කියලා කල්පනා කරන ගමන්මයි.මට ඒකට යන්න බැරි කමකුත් නෑ.මොකද මම හිතුවට වඩා මෙහේ සැලරි එක ගොඩක් හොදයි.මට ආයෙම සැරයක් ජිමින් ව බලන්න ඕනෙ කමක් තිබ්බ නිසාම මම හිතා ගත්තා සුහෝ එක්කම යන්න.ඒත් එයා කැමති වෙයිද කියන එකයි මට තිබ්බ එකම ප්‍රශ්නේ.ඇත්තටම කොන්සර්ට් එකට යනවනම් දැන්මම ඒකේ ටිකට් බුක් කරන්න වෙනවා.
.
.
.
.
.
අම්මා....
.........
ඔව් දැන් ගෙදර ාඅවේ
........
ඔව්...
........
හ්ම්..අම්මා කාලද....
.........
පරිස්සමින් ඉන්න.....හරි
.......
මම තියන්නම්....

මම අම්මා එක්ක කතා කරලා ෆෝන් එක තියනවත් එක්කම ගත්තේ මගේ පරම මිතුරිය අශී.

අශී...

අහ් කෙල්ලට දැන් පිව මතකත් නෑනේ...දැන් ඉතින් ඔප්පෙක්
සෙට් වෙලානේ...මං කිව්වේ නැද්ද සෙට් වෙයි කියලා ගියපු ගමන්....

Unexpected wishWhere stories live. Discover now