විසිපස්වැනි කොටස

Start from the beginning
                                    

" ඔයා හොඳයිනේ... මාවත් දාගෙන යන්න හොදේ... "

අයියා එයාගේ නිල් පාට කැප් එක ගලවලා මට දාලා මගේ කර වටේ අත දාගෙන අනිත් අය පස්සෙන් ගියා... අද හේෂාන් අයියයි විහස් දෙන්නත් බෝඩිමට ආවා... මට හිතුනත් ඇයි අහන්න කට පියාගෙන දේව් අයියගෙ උරහිසට හේත්තු වෙලා ආවා...

" පන්සල් යමුද ධීර්.... "

" පන්සල්....ඔය ඇත්තමද අයියේ.... අනේ කොච්චර දෙයක්ද.... "

" කැළණි පන්සල් යන්නේ.... හේෂාන්ගේ තාත්තා වාහනයක් එවනවා කිව්වලු.... කට්ටියටම යනවා.... හවස තුනහමාරට විතර ගිහින් රෑ පොඩ්ඩක් ඇවිදලා කරලා එමු.... උඹ කැමති නේද...."

" මම කැමති අනේ.... "

" මේ දේව්වා... මොකද කියන්නේ උඹලා දෙන්නම අපේ ගෙදර නැවතියන්කො බන්... ආය මොකටද හොස්ටල් එකේ ඉන්නේ... හොස්ටල් එකේ අනික නීති වැඩීනේ මචං... සනුක අයියත් කිව්වා මේ මාසේ ඉදලා ලබන මාසේ ඉදන් ගෙදරම ඉන්නවා කියලා... ගොඩක් දුරට සනුක අයියා ගෙදර නෙමෙයිනේ ඉන්නේ සහස් අයියලගෙ ගෙදරනේ...."

හේෂාන් අයියා වැස්සේ කියනකොට මම දේව් අයියා දිහා බැලුවා...

" ඒක හරි නෑනේ මචං...උඹලෑ අම්මට කරදරයි..."

" අපේ අම්මයි අප්පච්චි තමයි කිව්වේ උඹලට එන්න කියලා....අපේ අක්කා රටනේ බන්.... ඉතිං කාමර තියෙනවා ඇති වෙන්න... "

" බලමු බලමු..... "

කතාවෙන් කතාව කට්ටියම හොස්ටල් එකට ඇවිත් හොඳට නාගෙන ලෑස්ති උනා.... මම සුදු ටී ශර්ට් එකකට කළු නිල් ශෝටක් ඇදගත්තා....බාටා සෙරෙප්පු දෙකත් දාගෙන කොණ්ඩේ පීර ගත්තේ පන්සලට චාම්ව යන්න ඕන නිසා... දේව් අයියත් සුදු පාට කමිසෙ චූටි චූටි කළු පාට කුරුල්ලො ඉන්න කොළර් තියෙන කමිසයක් ඇදලා කළු පාට දිග ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දෙකක් දා ගත්තා... විහස් මගෙන්ම ඇදුම් දෙකක් ඉල්ලගෙන ඇද ගද්දි හේෂාන් අයියට එයාගේ තාත්තාම ඇදුමක් එවලා තිබුණා....සනුක අයියත් ඇද ගත්තට පස්සේ අපි ආපු කැබ් එකට නැග්ගා...
හේෂාන් අයියා ගොඩක් වැදගත් පවුලක පිරිමි ළමයෙක්... හේෂාන් අයියගේ තාත්තා ලොකු රෙස්ටොරන්ට් එකක අයිතිකාරයෙක්.... එතකොට අම්මා මැත්ස් ටීච කෙනෙක්... සල්ලී උතුරන්න.... හේෂාන් අයියට ඉන්නේ අක්කයි අයියයි...අක්කා ඇමරිකා වල ඩිග්‍රියක් කරනවා...අයියා පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු අංශයේ.... අයියත් හේෂාන් අයියා වගේම කියලා තමයි දේව් අයියා කිව්වෙ... හේෂාන් අයියගේ අම්මා තාත්තා දෙන්නම හොඳයිලු... ගොඩක් හිත හොඳ මිනිස්සුලු... හේෂාන් අයියගේ තාත්තා පොඩි තැනක ඉදන් දියුණු උන මනුස්සයෙක් කියලා කිව්වේ.... කුලියට දළු කඩන නුවරඑලිය පැත්තේ එයාගේ තාත්තා..... පස්සේ පස්සේ සල්ලී එකතු කර කර ඉගෙන ගෙන කොළඹට ඇවිත් දැන් හොඳ තැනක ඉන්නවා.... හේෂාන් අයියා උනත් ගොඩක් දුප්පත් අසරණ මිනිස්සු ගැන ගොඩක් හොයලා බලනවා.... හැමතිස්සෙම පිස්සා වගේ කියෙව්වට කේන්ති ගත්තට මොකද හේෂාන් අයියා කියන්නේ පට්ට හොඳ චරිතයක්...

බෝගම්බර (Taekook)Where stories live. Discover now