විසිවැනි කෙටස

610 148 128
                                    

ඉස්කෝලෙ ඇතුලේ අපි ජීවත් උනේ වැඩි ආශ්‍රයක් නැති මිනිස්සු ගානට....මම ගොඩක් පරිස්සම් උනා සැක නොහිතෙන විදිහට ධීරක ගැන හොයලා බලන්න.
ඉස්කෝලෙ ගොඩක් එවුන් හිතන්නේ ධීරක මගේ නෑයෙක් කියලා... ඒක තවත් හොඳයි.. ඉස්කෝලෙ නීති මම එයාටත් කිසි වෙනසක් නැතුව ක්‍රියාත්මක කරා..
මට දැනෙන්නේ පුදුම සැනසීමක්....මම මගේ හිතට එකඟව එයා නිසා දැනෙන හැඟීම පිළිගත්තා.... මම එයාට කැමති කියලා විතරයි කිව්වේ... මම දැක්කා එ් ඇස් පවා සතුටින් ඉතිරෙනවා.....හරියට බලාපොරොත්තු උන දෙයක් ලැබුණා වගේ..... මම චලකට කම්මුල් පාරක් ගහලා ඔෆිස් එකට යැව්වා... ප්‍රින්සිපල් ට තද වෙලා ඌව පීරියඩ් දෙකක් ඔෆිස් එක ඉස්සරහා ගල් පොළොවේ දණ ගස්සලා තිබ්බා.... උට සතියක පාසල් තහනම දාන්න හැදුවත් ළඟම එන විභාගය නිසා ඒක කල් දැම්මා.... මම කෝච් එක්ක වළියට ගියේ නෑ... මම ඉවසනවා ඌ අපේ වොලිබෝල් කෝච් නිසා... නැත්තං මම ඕකට මෙලහකට ඇනලා...
මම දහය වසරේ වගේ දාර වලි දා ගත්තා....ඊට පස්සේ ප්‍රිෆෙක්ට් එකට තේරුණාට පස්සේ පුදුම තරම් ඉවසුවා... මගේ බැජ් එක ගැළවෙන නිසා.... මම හදාගෙන ආපු ගරුත්වය මට බිඳගන්න උවමනාවක් තිබ්බේ නෑ.. ලැබෙන පුංචි වෙලාවෙත් මම ධීරකව සතුටින් තිබ්බා... අපි හොස්ටල් එකේදි විතරයි ළඟින්ම හිටියේ.... එයාට ඕලෙවල් තවත් කල් ගිය නිසා පඩම් කරන්න තව කාලේ තිබුණා.. සනුක අයියලට මේ නොවැම්බර් වල තියන්න තිබ්බ එක සෙකන්ඩ් ශයි ළමයි නිසා දින නියමයක් නැතුවම කල්ගියා...
ධීරකට අනින්දා වොලිබෝල් මැච් එක... කොල්ලා ගහන පළවෙනි එක... හුරු නැති නිසා බයත් වෙලා ඉන්නේ..
ගිය දවස් ටිකේම මම හවස නතර උනා... මම ෆැමිලියන් එකේ ඉදන් එයාලා ප්‍රැක්ටිස් කරන දිහා බලාගෙන හිටියා. ඒ ගමන්ම මගේ වැඩත් කර ගත්තා.. මට හිතෙනවා මම මේ පාර ටර්ම් ටෙස්ට් එකට නම් හොඳ ලකුණක් ගනී... මගේ උනන්දුව හින්දා හොඳයි ඉතිං... මෙච්චර දවසක් අරෙහෙම හරි ගත්තේ අහගෙන ඉදලා පාඩම් කරලා නෙමෙයිනේ....
හේෂානයා මේ දවස් වල එකොළහ පන්ති පැත්තේ කැරකෙනවා වැඩී...මට හිතෙන විදිහට මූ විහස්ට බැල්ම දානවා වගේ.... යසයි මූ... කිව්වෙත් නෑනේ... කොහෙ උන් එක්ක කතා කරන්නද... ලබන මාසේ ගුරු දිනේටයි ළමා දිනේට සේරම වැඩ කරන්න ඕනේ අපිනේ... ඊට කළින් අළුත් සෙට් එකව ගන්නවා කියලා සර්ලා කිව්වා... කට්ටිය මදි නිසාම..

බෝගම්බර (Taekook)Where stories live. Discover now