හයවන කොටස

812 177 32
                                    

කිත්සිරි මෙවන් රජු දවස පටන් අද දක්වාම දන්තධාතුව වහන්සේ මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙසින් පූජෝපහාරයට බදුන් වෙනවා. සකල ලෝකවාසී බෞද්ධ ජනයාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාටත් මෙය මහානර්ඝ වූ පූජා වස්තුවක්. ඒ වෙනුවෙන් කර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වූ කලී සිංහල ජාතියේත් ,බෞද්ධ ආගමේත් උත්තරීතර සංකේතය. රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින් වසර එක් දහස් හයසියයකට වඩා අධික කාලයක් මුලුල්ලේ දිවයිනේ නොයෙකුත් රාජධානි තුළ සැදැහැවත් බෞද්ධ නරපතියන් ඉදිකළ දළදාමැදුරු වල සෙවන හා රැකවරණය ලබමින් නොකඩවා කෙරෙන පුද සත්කාර හමුවේ උපේක්ෂා සහගත මුත් විරාජමානව වැඩ සිටින දළදා වහන්සේ වනාහී ලාංකීය සමාජය තුළ වූ විවිධ පැතිකඩවල් අවධාරණය කර ලීමෙහිලා ඉවහල් වූවක්.

 රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින් වසර එක් දහස් හයසියයකට වඩා අධික කාලයක් මුලුල්ලේ දිවයිනේ නොයෙකුත් රාජධානි තුළ සැදැහැවත් බෞද්ධ නරපතියන් ඉදිකළ දළදාමැදුරු වල සෙවන හා රැකවරණය ලබමින් නොකඩවා කෙරෙන පුද සත්කාර හමුවේ උපේක්ෂා සහගත මුත් විරාජම...

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, සාහිත්‍යය, කලාශිල්ප ආදී වශයෙන් වූ ඒ ඒ අතීත සමාජයන් තුළ පැවති විවිධ පැතිකඩවල්හි ස්වාභාවය දළදා වහන්සේ වටා බැදුනු ඓතිහාසික සංස්කෘතික පසුබිම විමසා බැලීමෙන් පෙනෙනවා. අනගිභවනීය වැදගත්කම් රැසකින් හෙබි දළදා වහන්සේ මූලික කරගනිමින් කෙරෙන ඇසළ පෙරහැර හෙවත් මහනුවර දළදා පෙරහැර වනාහි සියලූ ලෝකවාසී බෞද්ධ ජනයාට අති උත්කෘෂ්ට බෞද්ධ මංගල්‍යයක්. විවිධ ආගමික සම්ප්‍රදායන් එක්කෙරෙන භක්තිමත් ආගමික මංගල්‍යයක්. ලෝ වාසී වෙනත් ජනයාට මනස්කාන්ත සංස්කෘතික මංගල්‍යයක්. පුරාණ ප්‍රෞඩ සිංහල රජ දරුවන්ගේ ඖදාර්යය මනාව පිළිබිඹු කෙරෙමින් අතීතයේ පැවති සෞන්දර්යයේ අඩුවක් නොවන තරමට දැනට වර්ෂයක් පාසා ජූලි, අගෝස්තු මාසයේ මහනුවරදී ඇසළ පෙරහැර පවත්වනු ලබනවා. ඈත අතීතයේ පටන්ම පැරණි ආගමික වතාවත් ජාතික සිරිත් විරිත් ඇදුම් පැළදුම් ක්‍රීඩා කලා ආදී ජාතියේ විවිධ සංස්කෘතික දායාදයන් එක්තැන් කොට වර්ෂයක් පාසා පවත්වන ඇසළ පෙරහැර අද්විතීය වටිනාකමකින් යුත් සංස්කෘතික කලා මංගල්‍යයක් බව පැහැදිලි.  දින ගණනනක් පුරාවට පැවැත්වෙන ඇසල පෙරහැරේ ඉතිහාසය වසර දහස් ගණනක් තිස්සේ පෙළගැසුන එකක් ....

බෝගම්බර (Taekook)Tahanan ng mga kuwento. Tumuklas ngayon