දහනවවැනි කොටස

586 151 132
                                    

ඇගත් රිදෙනවා හිතත් රිදෙනවා දැන් නම්.... මම ඇස් අරිනකොට හිටියේ සෞඛ්‍යදාන එකේ... මගේ ළඟ විහස් හිටියා... ඌ ඇරෙන්න කව්රුවත් නෑ... ශිට්... මට මං ගැන බලා ගන්න බැරි තරම් දුර්වල වෙලා නෑ... ඒත් අර යෝධයා මට නෙළපු හැටියට මං හිතුවේ මාව මරයි කියලා....
පන්තියේ ළමයි හැමෝම චලකව ඈත් කරන්න හැදුවට බැරි උනා....

විහස් ගිහින් සනුක අයියලා එක්ක ආවා... මට යන්තං ඇස් පියවෙනකොට මම දැක්කා දේව් අයියා අරූගේ කොලර් එකෙන් ඇදලා අරගෙන උට කන පුපුරන්න පාරක් දෙනවා..

" උඹයි කොන්ද පණ නැති පොන්නයා... පලයං ඔෆිස් එකට... "

එතකොටම වගේ මගේ ඇස් පියවුණා... මොන ලැජ්ජාවක්ද සිහිය නැති වෙනකං ගුටි කන්න... මොන විකාරයක්ද.... විහස් හිටයේ මගේ ඔලුව අත ගගා... මම ඇස් ඇරලා ඌ දිහා බැලුවා...

" ධීරකයා... උඹ හොඳින්ද.. ඇග රිදෙනවද.. කොහෙද රිදෙන්නෙ.. ඔලුව කැක්කුම වගේද.. වතුර එහෙම ඕනේද... මම දේව් අයියට කතා කරන්නද.. "

" වතුර.... "

මම කියපු පමාවට මට විහස් වතුර බෝතලයක් දුන්නා... මගේ පළවෙනි යාළුවා.. ඌ ඇත්තටම හිත හොඳ එකා.. ඕන වෙලාවක මා එක්ක ඉන්නවා....

" ධීරක... උඹට සිහිය නැති උනා... අපේ අයියා චලකව ප්‍රින්සිපල් ළඟට යැව්වා.. සර්ට හොඳටම කේන්ති ගිහින්.. මෙච්චර කාලෙකට ඔයා තරම් එකෙක් චලකගෙන් ගුටි කාලා නෑ.. මං හිතුවේ උඹව මරයි කියලා බන්... ඇයි ඌ උබට එච්චරම ගැහුවේ.... ඌයි වැරැද්ද කරේ... මම දේව් අයියට උන දේවල් කිව්වෙ නෑ...එයා ඉන්නේ කේන්තියෙන්...එයා හිතන්නේ ඔයාලා දෙන්නම වැරදි කියලා....එයා ඔයාව මෙහෙට අරගෙන ආවා... සෞඛ්‍යදාන එක භාර මිස් ඔයාගේ තැලුම් වලට ගාන්න ජෙල් එකක් දුන්නා ඒක දේව් අයියම ගෑවා... ඔයාගේ මූණ නිකං තම්බලා වගේ බන්... බලපං ඉතිං.... දැන් ප්‍රැක්ටිස් යනවා නම් බොරු හොදේ... "

" කොහෙද දේව් අයියා.. "

" ගියා... සමහර විට එයි... කේන්තිය අඩු උනාම....එයාට කේන්ති ගිහාම නිවන්න ලේසි නෑ... එයත් ඔහොම හිටයට බොක්සිං චැම්පියන්... ගුටි කෑවොත් ඇග නෑම තමා... එයා ගියේ එයා ඔයාට කෑ ගහයි කියලා... තව ටිකකින් එයි සමහරවිට... "

බෝගම්බර (Taekook)Where stories live. Discover now