ඔව් ඔව්....

ඔව් අශී..ඒක හරි ... මට ඉන්විටේශන් එක ආපු ගමන් ඒකට මම මගේ සිවියර් එකක් යැව්වා.එයාලා එහේ සෝල් වල යුනිවසිටි එකකට මාව ඉල්ලන්නේ..

ඉතින් හොදයි නේ බන්....උබේ ඔප්පවත් හම්බවෙන්න පුලුවන් නේ..

අශී එහෙම කියපු ගමන් මගේ හාර්ට් එක වේගෙන් ගැහෙන්න ගත්තේ එයාව මතක් වෙලා.ඔව් දැන් මම එයාව දාලා ඇවිත් අවුරුදු දෙකක්.එදා මම එයාව දාලා ආපු දවස ඒ ඇස් මම අන්තිමට දැක්ක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති තරම්.

Flashback

2011 Busan ,Jimin's house in the morning

උදේ ඉදලම මම හිටියේ ගොඩක් නොසන්සුන් ව.ඒත් මම ජිමින් ගේ හැම වැඩක්ම මගේ අතින් කරේ මම එයා එක්ක ගෙවන අන්තිම මොහොත මේක නිසා.ජිමින්ගේ කෑම එක ලෑස්ති කරලා එයාගේ කොන්ඩේ පීරලා එයාගේ ඇප්ලිකේශන් ෆෝම් එක ෆිල් කරපු එක හරිද කියලා චෙක් කරලා ආයෙම එක එක ඇඩ්වයිසස් දිදී උදේ ඉදන්ම එයාගේ පස්සෙන්ම හිටියා.එයත් මං කියන එකත් අහගෙන මගේ පස්සෙන්ම ආවේ හිනා වීගෙනමයි.එක අතකට ජිමින් සතුටින් ඉන්න එකත් මට සහනයක් උනා.

ඔම්මත් ජීයුගේ වැඩ එක්ක බිසී වෙද්දි අප්පත් එයාගේ රෙස්ටුරන්ට් එකට ගෙනියන දේවල් එක්ක බිසී උනා මම ජිමින් එක්ක බිසී වෙද්දි ජිමින් ජීයුන් ස්කූල් යන්න ලං වෙන මොහොතත් ආවා.ඔම්මා ජියුන්ව කාර් එකට නග්ගන්න යද්දි ජිමිනුත් ඒ පස්සෙන් යන්න හැදුවත් මම ජිමින්ව අතින් නතර කර ගත්තේ අවසාන වතාවට එයාගේ මූන දිහා බලන්න.ඒ මම ජිමින්ගේ අතින් අල්ලන අන්තිම වතාව.ජිමුන් මූනත් අමුතු කරන් මගෙන් ඇහුවෙ ඇයි කියලා.

ඇයි නූනා...

හොදට කරන්න චිම්..මට ඔයාව ගොඩක් මතක් වෙයි...

ඇයි මේ එක පාරටම නූනා මම ස්කූල් ඇරිලා එනවනේ...

Unexpected wishWhere stories live. Discover now