අපි දෙන්නා කිරිබත්ගොඩින් බැහැලා පන්තියට ගියා... විහස් නැති නිසා මම තනියම හිටියේ... ඉතිං මම දවසම තනියම වැඩ ටික කරගෙන ගියා....
එදා හවස මමයි දේව් අයියයි එයා දන්න රෙස්ටොරන්ට් එකකින් කාලා පොඩ්ඩක් ඇවිද්දා... එයා එක්ක තනියම ඇවිදින එක හිතට මාර සැහැල්ලුවක්...
දන්නවද තමන් ආස කරන දේවල් වලට ආස මනුස්සයෙක් ලැබුණහම බෙදා ගන්න දේවල් ගොඩයි... කතා කරන්න මාතෘකා එමටයි....හවස වැස්සෙම තෙමි තෙමි රාජකීය මාවතේ දුවගෙන ආපු අපි දෙන්නා හොඳටම තෙමුණා... කුඩයක් තිබ්බේ නෑ...කුඩ අරං යන උන් නෙමෙයිනේ අපි... බෑග් වලට රෙයින් ජැකට් දාලා තිබ්බේ ඒ හින්දා පොත් තෙමෙන්නේ නෑ... මම වැස්සට මූණ අල්ල අල්ල උඩ පැන පැන යනවා...අයියා නම් මගේ දිහා බලාගෙන ඉන්නවා... එයාගේ ඇස් මොහොතකටවත් මගේ ළඟින් පිට පැන්නේ නෑ... එයා හරි ආදරනීය මනුස්සයෙක් අයියෝ.... මගේ අතකින් අල්ල ගත්තා එයා මාවත් ඇදගෙන පාර දිගේ දිව්වා....එක දිගට වහින වැස්ස,හුළඟ කපාගෙන මාත් එයාගේ පස්සෙන්ම ඇදුනා.... හොස්ටල් එකට යනකොට හවස හයයි.. ගිය ගමන් මට තුවාය විසික් කරපු එයා ඇග පත හෝදගෙන එන්න කියලා හොස්ටල් වොෂ් රූම් එකට යැව්වා.... භාගෙට තෙමුන නිසාම හොඳට නාගෙන ශෝටකට ශර්ට් එකක් ඇදගෙන ඇදට පැන්නා.... හිතම සතුටින් පිරිලා තියෙද්දි රෑ 8.00 ට විතර පාඩම් කර කර හිටපු මාවත් ඇදගෙන දේව් අයියා ගිටාර් එකත් අරගෙන උඩම තට්ටුවේ නිදහස් අවකාශයට ගියා...
අපි යනකොටත් හොස්ටල් එකේ ළමයි ගොඩක් එතන කොට්ට පැදුරු දාගෙන වාඩි වෙලා හිටියා... හරියට පුංචි පාටියක් වගේ... ඉටිපන්දම් පත්තු කරගෙන කට්ටිය කියිය ගහනවා.. සනුක අයියත් හිටියා..
හරිනම් හොස්ටල් එකේ මේවා තහනම්... ඒත් හොස්ටල් එකේ නීති වලට හිර වෙලා ඉන්න මේ ළමයින්ටත් සතුටක් තියෙන්න ඕනේ නේද...අපි එනවා දැකලා සනුක අයියා අත වනලා කතා කරා... හේෂාන් අයියත් හොස්ටල් එකේ හිටියා...එයත් හිටියා... තව මුස්ලිම් කොල්ලො දෙතුන් දෙනෙක් තව දහයේ නවයේ පොඩි ටිකකුත් හිටියා...අනිත් කට්ටිය අපේ වයසේ එහෙමත් නැත්තං වැඩිමල් අය...
සනුක අයියාගේ සංවිධාන ශක්තියෙන් යන වැඩක්...
" ගායිස්... හෙට නිවාඩු නිසා පොඩි පාටියක් දැම්මේ... කොහොමත් එකයිනේ.. සිකියුරිටි අංකලුත් නෑ අද.... ඒ හින්දා කැමති විදිහකට විනෝද වෙන්න පුළුවන් කට්ටියට... "
YOU ARE READING
බෝගම්බර (Taekook)
Randomඋඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම...
විසිතුන්වැනි කොටස
Start from the beginning